සජිත් ජනපතිවරණයට ජනපති මෛත‍්‍රිගේ සහාය ඉල්ලයි..

September 28, 2019 at 10:12 pm | lanka C news
සජිත් ජනපතිවරණයට ජනපති මෛත‍්‍රිගේ සහාය ඉල්ලයි..

ඉදිරි ජනාධිපතිවරණයේදී එජාප අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට ශ‍්‍රීලනිපයේ සහාය ලබා ගැනී‌ම සදහා වන සාකච්චාවකට එජාපය විසින් ශ‍්‍රීලනිපයෙන් ආරධනාවක් කර ඇත.

ඒ අනුව එජාප මහ ලේකම්වරයා විසින් ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම අද පස්වරුවේ සිදු කර ඇත.

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ හා ජනාධිපති අපේක්‍ෂක සජිත් ‌ප්‍රේමදාස යන මහත්වරුන් සමග මෙම සාකච්චාව පැවැත්වීමට වේලාවක් ලබා දෙන්නැයි එම ලිපියෙන් ඉල්ලා ඇත.

මෙ ලිපියට ශ‍්‍රීලනිපය පාර්ශයෙන් ඉක්මන් ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි එජාපය බලාපොරොත්තු තබා සිටී.

39 views

6 Comments to “සජිත් ජනපතිවරණයට ජනපති මෛත‍්‍රිගේ සහාය ඉල්ලයි..”

  1. 💐 82% 💐 82% 💐 82%💐 says:

    ඇඟිලි පහම ඉස්සුවම දකී අත….ලකුණ
    බෙදුන දෑත එක්කර හැදුවනෙ….ලකුණ
    නිර්මානය කලා පොහොට්ටුව….ලකුණ
    සමඟිව රටම දිනවනා පක්‍ෂයෙ…ලකුණ

  2. Upul says:

    Any independent person can see how these same group of people trying to fool the masses again and again. The only solution is to get rid of all these people who failed all these years. The only solution is to get rid of this BLUE,GREEN,RED mentality and find an independent person who can rebuild the country. If not, the same old story will continue.

  3. ඩී එස් says:

    සජිත් ගෙ මැතිවරණ ව්‍යාපාරය දවසින් දවස පිරිහෙමින් පවතී.‘ඒ වෛරී සහගත මඩ ප්‍රචාර අපහාස සහ ස්වේෂ සහගත වචී කර්ම නිසා. වටිනාකම් වැඩි සල්ලි නෝට්ටු කොතෙක් සෙලවුවත් හඩ නො නැගේ අගය වැඩි නිසාය.රුපියලේ දෙකේ කාසි එකට සෙලවූ කල හඩක් මිස වටිනාකමක් නැත.සජිත් සහ ගෝටා අතර වෙනස එයයි.

  4. PULATHISI says:

    සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ රැළිවලට ජනාධිපතිවරයා සහභාගීකරවා ගැනීම අගමැතිවරයා විසින් තහනම්කර තිබුනේ මූලික කොන්දේසිවලට අනුවයි.
    2. දැනටමත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ රැස්වීම් ඇමතීමට ජනපතිවරයා එකඟවී තිබියදී සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම් අමතන්නේ කෙසේද?

  5. Karu says:

    ජනාධිපතිතුමාට පුළුවන් ඕන්නම් එක චන්දයක් හරවල දෙන්න. ඒකත් කෙරෙයිද කියන්න බෑ. ඒ මෛත්‍රීපාල සිරිසෙනගේ චංදයයි.

  6. SLCommunity says:

    Me ratata karapu winaseta me pingona wagakiyanna oni. Jaathiye awasanawakata pahala wechchi janadipathi. Ubala okkoma minissunta appiriyai. ekathu weyalla okkoma eka paththakata. Roththa pitin gedara yawala me ratata hodak wenawa dakinnai apita oni. Ubala wage apathayo apita epa.

Main News