සජිත් සමග ‘ෆ්ලෑෂ් බැක්’ අද බදුල්ලේදී.. ජනාධිපති අපේක්‍ෂකත්වය ගන්න ‘ෆ්ලැෂ් බැක්’ කැදවයි..

August 12, 2019 at 1:20 pm | lanka C news
සජිත් සමග ‘ෆ්ලෑෂ් බැක්’ අද බදුල්ලේදී.. ජනාධිපති අපේක්‍ෂකත්වය ගන්න ‘ෆ්ලැෂ් බැක්’ කැදවයි..

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළකරමින් ජන රැළියක් අද බදුල්ලේ දී පැවැත්වේ.

එම ජන රැළිය පැවැත්වෙන්නේ ඇමති හරින් ප්‍රනාන්දු මහතාගේ සංවිධාන ප්‍රධානත්වයෙනි.

ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී මැති ඇමතිවරුන් ගණනාවක් ම කැඳවා ඇත.

සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී සමාජජාල පිටුවල මෙම රැළිය සම්බන්ධයෙන් වාර්තා කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා කරන පළමු වෙඩිමුරය අද බදුල්ලෙන් අරඹන බවයි.

මෙම ජනරැුළිය සිරස රූපවාහිනිය ඔස්සේ සජීවිව විකාශණය කිරීමට සූදානම් කර ඇත.

මෙරට ප‍්‍රකට සංගීත කණ්ඩායමක් වන ‘ෆ්ලෑෂ් බැක්’ සහභාගී වන සංගීත ප‍්‍රසංගයක්ද රැුලිය අවසානයේ පැවැත්වෙන අතර ඒ බව පූර්ව ප‍්‍රචාරයන්හි විශේෂයෙන් සදහන් කර තිබේ.

44 views

16 Comments to “සජිත් සමග ‘ෆ්ලෑෂ් බැක්’ අද බදුල්ලේදී.. ජනාධිපති අපේක්‍ෂකත්වය ගන්න ‘ෆ්ලැෂ් බැක්’ කැදවයි..”

  1. kawinda says:

    sindu nethnam mokekwath enne nehe kiyala dannawa. senaga ei. reta.

  2. සිංහලයා says:

    FLASH BACK ආවේ නැත්නම් බලාගන්න තිබුනා ඉන්න සෙනඟ.සීයක් වත් එන්නේ නෑ.සජිත් දක්ෂ කෙනෙක් නෙවෙයි.එයාගේ අදහස් 60 දශකයේ ඒවා.මේ කාලෙට හරියන්නේ නෑ.එයා ජනාධිපති උනොත් සිරිසේන ට හපන් වෙනවා.

    • අභේතිස්ස says:

      සජිත් කියන්නේ අමු ගොං බිජ්ජේක් – කට ඇරියොත් කියන්නේ ගොං කථාවක් – මිනිහම තමයි මේ රටට හොඳ

  3. harin says:

    sillara kramyata rata goda ganda yana mewage aya ratata winasaya genawa. sthawara ratakata gota dinawamu.

Main News