සජිත් සමග ‘ෆ්ලෑෂ් බැක්’ අද බදුල්ලේදී.. ජනාධිපති අපේක්‍ෂකත්වය ගන්න ‘ෆ්ලැෂ් බැක්’ කැදවයි..

August 12, 2019 at 1:20 pm | lanka C news
සජිත් සමග ‘ෆ්ලෑෂ් බැක්’ අද බදුල්ලේදී.. ජනාධිපති අපේක්‍ෂකත්වය ගන්න ‘ෆ්ලැෂ් බැක්’ කැදවයි..

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළකරමින් ජන රැළියක් අද බදුල්ලේ දී පැවැත්වේ.

එම ජන රැළිය පැවැත්වෙන්නේ ඇමති හරින් ප්‍රනාන්දු මහතාගේ සංවිධාන ප්‍රධානත්වයෙනි.

ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී මැති ඇමතිවරුන් ගණනාවක් ම කැඳවා ඇත.

සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී සමාජජාල පිටුවල මෙම රැළිය සම්බන්ධයෙන් වාර්තා කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා කරන පළමු වෙඩිමුරය අද බදුල්ලෙන් අරඹන බවයි.

මෙම ජනරැුළිය සිරස රූපවාහිනිය ඔස්සේ සජීවිව විකාශණය කිරීමට සූදානම් කර ඇත.

මෙරට ප‍්‍රකට සංගීත කණ්ඩායමක් වන ‘ෆ්ලෑෂ් බැක්’ සහභාගී වන සංගීත ප‍්‍රසංගයක්ද රැුලිය අවසානයේ පැවැත්වෙන අතර ඒ බව පූර්ව ප‍්‍රචාරයන්හි විශේෂයෙන් සදහන් කර තිබේ.

45,747 Viewers

16 Comments to “සජිත් සමග ‘ෆ්ලෑෂ් බැක්’ අද බදුල්ලේදී.. ජනාධිපති අපේක්‍ෂකත්වය ගන්න ‘ෆ්ලැෂ් බැක්’ කැදවයි..”

  1. lakpriya says:

    සජිතා නොවයි මරනසිංහ ප්‍රේමදාස වලෙන් නැගිටලා ඉල්ලුවත් මෙදා පර දේශ ද්‍රෝහී UNP කාරයෝ සදහටම පරාදයි UNP =RIP NOW

  2. නිලමේ says:

    එතකොට සජිත් ජනාධිපති හරීන් අගමැති . එහෙමද ආස.

  3. සිරියමේ සාරා says:

    සජිත් ලමයත් තාත්තා වගේමයි..සින්දු නැතුව no meeting. කොල්ලෝ අපි සිරියමේසාරා කියලා ජ්නපති සටන පටන් අරන් election results දෙන දවසට “පාලූ සුසානේ” සින්දුව කියමු

    • Rata Wenuwen says:

      සජිතයාගෙ සහායට මලගිය ඇත්තෝ වලවල් වලින් නැගිට එනවලු, ඔහුගේ පියානෝ පෙරමුණ ගන්න බව බාබුගේ අවතාරය කිය කිය යනවලු -” පාළු සුසානේ” සින්දුව හොඳට ගැලපෙයි

  4. Charles says:

    Do not waste money on Sajith. He will not be the UNP candidate. Even if he gets the candidacy, Ranil will use his all the tricks to make Sajith loose.

  5. බිල්ල says:

    බදුල්ලේ මිනිස්සු නියම පොරවල් මෝඩ රැළිය ඉවරවුනාට පස්සේ නොමිළේ තියන ප්ලෑෂ්බැක් සංගීත සංදර්ශනේ බලන්න අවොත්. රැලියට මිනිස්සු ගෙන්නගන්න හොඳම දේ තමයි කතාවක් පටන්ගන්න ඉස්සෙල්ලා සින්දුවක් දාන එක. හැබැයි සින්දුවට හුරේ දාල කතාවට හූව දැම්මොත් තමයි වළිය.

  6. sunimal says:

    නිදහන් හොරු අපට එපා

  7. David Milli-banda says:

    We are going to enjoy Flash Back…………..
    Harin is attempting to raise his flagging morale at the expense of Sajith.

    Sajith better keep an eye on Harin during the meeting as he will go missing with your madam.

  8. සිංහලයා says:

    ඔව් ඉතින් FLASH BACK ගෙන්නුවේ නැත්නම් බල්ලෙක් වත් ඔය මීටිමට යන්නේ නෑ.සජිත් තියා මොකා ඉල්ලුවත් මේ සැරේ UNPය අන්ත පරාද වෙනවා.රටට කරපු විනාශයට.

  9. කැළණි ටයර් says:

    අන්තිමේ දී ” step back ” තමයි හිටං!

  10. daya says:

    munta pissu gu beti pegila

  11. kawinda says:

    sindu nethnam mokekwath enne nehe kiyala dannawa. senaga ei. reta.

  12. සිංහලයා says:

    FLASH BACK ආවේ නැත්නම් බලාගන්න තිබුනා ඉන්න සෙනඟ.සීයක් වත් එන්නේ නෑ.සජිත් දක්ෂ කෙනෙක් නෙවෙයි.එයාගේ අදහස් 60 දශකයේ ඒවා.මේ කාලෙට හරියන්නේ නෑ.එයා ජනාධිපති උනොත් සිරිසේන ට හපන් වෙනවා.

    • අභේතිස්ස says:

      සජිත් කියන්නේ අමු ගොං බිජ්ජේක් – කට ඇරියොත් කියන්නේ ගොං කථාවක් – මිනිහම තමයි මේ රටට හොඳ

  13. harin says:

    sillara kramyata rata goda ganda yana mewage aya ratata winasaya genawa. sthawara ratakata gota dinawamu.