සජිත් ජනාධිපති අපේක්‍ෂක කරන කෘත්‍යාධිකාරිය සිරිකොතේදී.. යෝජනාව අගමැතිගෙන්.. ඇල්පිටිය ඡන්දය මෙහෙයවීමත් සජිත්ට..

September 26, 2019 at 9:20 am | lanka C news
සජිත් ජනාධිපති අපේක්‍ෂක කරන කෘත්‍යාධිකාරිය සිරිකොතේදී.. යෝජනාව අගමැතිගෙන්.. ඇල්පිටිය ඡන්දය මෙහෙයවීමත් සජිත්ට..

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස අද දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සිදු වෙයි.

සිරිකොත මූලස්ථානයේදී පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ නම ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා කරන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසිනි.

එම යෝජනාව ඒකමතිකව යෝජනාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අපේක්ෂාව වී ඇති බවත් ඒ අනුව නාමයෝජනා මණ්ඩලයක් නම් කිරීමට අවශ්‍ය නොවනු ඇති බවත් වාර්තා වෙයි.

අද කෘත්‍යාධිකාරි මණ්ඩලය සිරිකොත මූලස්ථානයේදී පස්වරු 03.00 පැවැත්වෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

කෙසේ වෙතත් අපේක්‍ෂකත්වය ලබා දීම සදහා එකග විය යුතු කොන්දේසි පිලි ගැනීමට පේ‍්‍රමදාස මහතා මෙතෙක් කටයුතු නොකිරීම මත කෘත්‍යාධිකාරී මණ්ඩලය උණුසුම් වනු ඇතැයිද පැවැසෙයි.

ජනාධිපති අපේක්ෂකත්වයට පත් කිරීමේ සිට ඉදිරි සියළු ප්‍රචාරක කටයුතු සජිත් ප්‍රේමදාස මහතා යටතේ සිදුකිරීමට නියමිතය.

ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය මෙහෙයවීමද සජිත් ප්‍රේමදාස මහතාට පැවරෙයි.

එම ආසනයේ සංවිධායක යා වන්නේද සජිත් පිලේ ප්‍රබලයෙකු ලෙස කටයුතු කරන ඇමැති ගයන්ත කරුණාතිලක මහතායි.

50 views

15 Comments to “සජිත් ජනාධිපති අපේක්‍ෂක කරන කෘත්‍යාධිකාරිය සිරිකොතේදී.. යෝජනාව අගමැතිගෙන්.. ඇල්පිටිය ඡන්දය මෙහෙයවීමත් සජිත්ට..”

  1. migara says:

    උරාගෙ මාළු උරාගෙ පිටේම තියල කපන්නයි හදන්නේ…

  2. john says:

    I think Ranil will face a very embarrassing situation of his life if sajith does not agree to his terms. In that case Sajith will contest from a new party while ranil will have to restart his own campaign with all his sins on top of his head

    • JV(UN)P says:

      Either way, Ranil is trying to stay in power, without Ranil, Sajith won’t get full votes from UNPers. Dead end for both.

  3. kamal says:

    ඒක්සත් ජාතික පක්ෂය සිංහලයා පවා දෙන බව ඔප්පු වෙලා ඉවරයි.පළාත් සභා අහෝසිකර සමානුපාතික ජන්ද ක්‍රමය අහෝසිකරන්න ඉන්නෙ මහේස් විතරයි

  4. ඔන්න ඇල්පිටියේ ජනතාවටත් සිමෙන්ති කොට්ට, පෙට්ටි ගෙවල් වගේම උස අයට සිකියුරිටි කොට අයට කම්කරු සතුටුයි ද දැන්

  5. පොඩි බයියා says:

    ඉතිහාසයේ පලමු වරට ඇමරිකන් බිරිඳක් (පවුලක්) සහිත අර්ධ ඇමරිකානුවෙකු ශ්‍රී ලංකාවෙ ජනාධපති කරනවද කියන එක ජනතාවට බාරයි.

    • HENA says:

      ගෝඨා ඇමරිකාවෙ ඉඳල ඇවිල්ල කොටියගෙන් රට බේරගන්නකොට තොපි හිටියෙ අම්මට නිදි වදිමින්ද, බැල්ලිගෙ පුතෝ?

    • දේවක says:

      එහෙමත් නැත්නම් අපි දෙවෙනි වතාවටත් රෙදි අපුල්ලන මිනිහෙක්
      මේ රටේ ජනාධිපති කරගන්නවද? තීරණය ඔබ සතුයි!

    • Think Tank says:

      The ungrateful sub-humans like “පොඩි බයියා” are the curse of the nation!

    • කිරා says:

      ඇත්ත කියපන් පොඩි බයියෝ, උඹ ඩෝබි නේද?

Main News