සජිත් ජනාධිපති වුණත් එකයි නැතත් එකයි.. අපට ඔ්නෑ ඒ මුවාවෙන් රනිල් නායකත්වයෙන් පන්නන්නයි..- එජාප ජ්‍යෙෂ්ඨයා විපක්‍ෂ බලවතාට කියයි..

June 22, 2019 at 10:06 pm | lanka C news
සජිත් ජනාධිපති වුණත් එකයි නැතත් එකයි.. අපට ඔ්නෑ ඒ මුවාවෙන් රනිල් නායකත්වයෙන් පන්නන්නයි..- එජාප ජ්‍යෙෂ්ඨයා විපක්‍ෂ බලවතාට කියයි..

තමනට උවමනා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවීමට නොව රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට බව සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමේ ප්‍රබලයෙක් සඳහන් කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ බලවත්ම දේශපාලනඥයෙකු සමඟ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් මේ බව සඳහන් කර ඇත.

වසර 25ක පමණ කාලයක් තිස්සේ රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ රැඳී සිටින බවත් මැතිවරණ තිහකට වැඩි ප්‍රමාණයක් පරාජය වී ඇති ඔහු නායකත්වය අතහැර යාම පක්‍ෂයේ වර්ධනයට දැඩි බාධාවක්ව තිබෙන බවද ඔහු සඳහන් කර තිබේ.

මේ තත්ත්වය මත සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරමින් පක්ෂ නායකත්වය ලබා ගැනීමට තම අපේක්ෂාව බව ද කොළඹ දිස්ත්‍රික්කයේ නො වන එජාප ජ්‍යෙෂ්ඨයා සඳහන් කර ඇත.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් දිනුවත් පැරදුනත් තම කණ්ඩායම ජයග්‍රහණය කරන බවත් ඒ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම හේතුවෙන් බවත් විපක්ෂ බලවතා පවා පුදුමයට පත් කරමින් ඔහු සඳහන් කර තිබේ.

31 views
Main News