සජිත් ජාතික ආරක්‍ෂාව දෙන්නේ ත‍්‍රස්තවාදීන්ට ආයුද දීලාද.. 60000ක් පාරවල්වල පුච්චලාද…

August 13, 2019 at 4:40 pm | lanka C news
සජිත් ජාතික ආරක්‍ෂාව දෙන්නේ ත‍්‍රස්තවාදීන්ට ආයුද දීලාද.. 60000ක් පාරවල්වල පුච්චලාද…

හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා ජාතික ආරක්ෂාව කෙසේ වෙතත් එදා තම ආරක්ෂාව සලසා ගත්තේ කොටි ත‍්‍රස්තවාදීන්ට ආයුධ ලබා දී මෙරට තරුණ තරුණියන් 60,000ක් ‘ටයර් සෑයවල’ යවා යැයි වැඩිහිටි පරම්පරාවට අමතක නොමැති බවත් තම සදාදරණීය පියා ගිය මාර්ගයේ යන බවට වහසිබස් දොඩවන, සජිත් පේ‍්‍රමදාස මහතා, තමන්ට ජනාධිපති ධුරය ලැබුණොත් ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ ද එ් ආකාරයටම දැයි ජාතික නිදහස් පෙරමුණ ප‍්‍රශ්න කර සිටී.

අද පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් එහි ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ ප‍්‍රශ්නකර සිටියේය.

ඊයේ බදුල්ලේ පැවති රැලියකදී සජිත් පේ‍්‍රමදාස මහතා දුප්පත්කම නැති කරන බවට කරන සුපුරුදු කථාවෙන් මිදී රටේ ජාතික ආරක්ෂාව, ආර්ථිකය, වෙළඳඳ ගිවිසුම් ආදිය ගැන කතා කළ බවත් එය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා කළ කතාවේ කොපියක් යැයි සිතෙන තරමට සමාන බවත් මෙහිදී මුසම්මිල් මහතා පෙන්වා දුන්නේය.

ඊයේ ‘රටට අහිතකර වෙළෙඳ ගිවිසුම්වලට ඉඩ නොදෙමි’ කියූ සජිත් පේ‍්‍රමදාස මහතා තමා කැබිනට් අමාත්‍ය ධුරයක් දරන ආණ්ඩුව රටට ඉතාම අහිතකර ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුම මෙරට වෘත්තිකයන්, විද්වතුන්, ව්‍යාපාරිකයන් ඇතුළු සියලූදෙනාගේ දැඩි විරෝධය මැද අත්සන් කරන විට නිහඬව සිටියේ ඇයි දැයි ජානිපෙ ප‍්‍රචාරක ලේකම්වරයා ප‍්‍රශ්නකර සිටියේය.

එමෙන්ම ඊයේ ‘රටට අහිතකර ආරක්ෂක ගිවිසුම් අත්සන් තැබීමට ඉඩ නොදෙමි’ කියූ සජිත් පේ‍්‍රමදාස මහතා මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවටත් හොරෙන් ඇමෙරිකාව සමඟ ඇක්සා ගිවිසුම අත්සන් කරන විටත් සෝෆා ගිවිසුම අත්සන් කරන්නට සියලූ කටයුතු සූදානම් කරන විටත් කළේ කුමක්දැයි යන ප‍්‍රශ්නය ද රටේ සිහි බුද්ධියක් ඇති ජනතාවට ඇති වන බවත් එ් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

‘ලිච්ඡවී පාලනයක්’ ගෙන එන බව කියමින් බලයට පැමිණි රනිල් වික‍්‍රමසිංහ මහතා වසර හතරහමාරක් තුළ රට ඇද දැමූ තැන අමුතුවෙන් කිවයුතු නැති බව ද එ් මහතා සඳහන් කළේය. එසේ තිබියදී එ් තත්ත්වයට රනිල් සේම වගකිවයුතු එම පක්ෂයේ නියෝජ්‍ය නායක ‘දසරාජ ධර්මයෙන්’ රට පාලනය කිරීමට තමන් සූදානම් බව පවසන බවත් එසේ බුදුදහමේ සඳහන් උතුම් සංකල්ප මේ ආකාරයට මේ අය අවමානයට ලක් කිරීම මුස්ලිම් ජාතිකයකු ලෙස වුවත් තමන් දැඩි සේ හෙළා දකින බවත් මොහොමඞ් මුසම්මිල් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය ආණ්ඩුව සමයේ වැඩ ඇරඹූ රණාල ප‍්‍රදේශයේ නිවාස සංකීර්ණයක් ජනතාව වෙත භාර දීමේ වැඩසටහනක දී ඊයේ රනිල් වික‍්‍රමසිංහ මහතා, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල කතාව විකෘති කරමින් බොරු බේගලයක් ඇදබෑ බවත් ඉන් මේ අය ඉදිරි මැතිවරණයකදී එදා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ඡයාරූපයක් විකෘති කරමින් කළ සෙල්ලම වැනි එ්වා කිරීමට දැන් සිටම සූදානම් වන බව පෙනෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

2010 හා 2015 ජනාධිපතිවරණවලට ඉදිරිපත් නොවී එජාපය ගෙන ආ අපේක්ෂකයාට සහයෝගය දුන් ජවිපෙ, මෙවර එ් දෙය කිරීම දැඩි ජනතා පිළිකුලට හේතුවන නිසා වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින බව ද මුසම්මිල් මහතා මෙහිදී අනාවරණය කළේය. කෙසේ වුවත් ඒ අපේක්ෂකයා, ජනාධිපතිවරණය අතරතුර දී එජාප අපේක්ෂකයාට බොරු කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කොට ඉල්ලා අස්වීම මේ ජවිපෙ නාටකයේ අවසන් ජවනිකාව වනු ඇති බව ද ජානිපෙ ප‍්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

19,770 Viewers

11 Comments to “සජිත් ජාතික ආරක්‍ෂාව දෙන්නේ ත‍්‍රස්තවාදීන්ට ආයුද දීලාද.. 60000ක් පාරවල්වල පුච්චලාද…”

  1. බුවා says:

    කතෝලික දේවස්තාන වලටයි ෆයිස්ටා හොටේල් වලට ගහලයි

  2. Ranjan says:

    BABU neda kiyanne. Is it Babbu that you talk about. What about Paskeralingam who funded treasury money to LTTE.

  3. WMFernando says:

    Last time JVP supported UNP via common candidate. This time JVP not in a position to ask their supporters to vote for UNP alliance. Therefore JVP wants to block 2 or 3 laks of their supporters engagement with pohottuwa candidates. Therefore Jvp Put forward their own cadidate to help UNP.

  4. WMFernando says:

    Last time JVP supported UNP via common candidate. This time JVP is not in a position to ask their supporters to vote for UNP alliance. Therefore JVP wants to block 2 or 3 laks of their supporters engagement with pohottuwa candidate. Therefore Jvp Put forward their own cadidate to help UNP.

  5. WMFernando says:

    Last time JVP supported UNP via common candidate. This time JVP is not in a position to ask their supporters to vote for UNP alliance. Therefore JVP wants to block 2 or 3 laks of their supporters engagement with pohottuwa candidate. Therefore Jvp put forward their own candidate to help UNP keeping their block vote aside.

  6. Wiki says:

    ජාතික ආරක්ෂාව හදන්නේ මෙහෙමයි මුසා-වාද-මල්ලියෝ
    2007 රටට ජනතාවට හොරෙන් ACSA අත්සන් කරපු යැංකි ඩිකිව ජනාධිපති කරලා SOFA එකත් අත්සන් කරනවා ආපහු…එතකොට ඔය තියෙන්නේ ජාතික ආරක්ෂාව.

  7. kawinda says:

    ” DASA RAAJA DHARMA ” kiyala nikan induko. eka visthara korandath giyane. ekko katapaadam karapiya. neththan kole digeran kiyapiya. kole hangan kiyanan gihilla thena hoyaa ganna beri wechcha sangediya janaya dekka. dasaraaja dharmaya kiyan eke theruma amila dambaragen wath ahagena ewith kiuwaa meeta wediya aathal ekak janayaata ganna thibuna appa.

  8. Sandy says:

    well said Musammil

  9. Bold Citizen says:

    It seems that the opponents have run out of weapons to attack Sajith and they have become so bankrupt that they always quote the very same stories over and over again about his father which are related to some incidents that happened more than 30 years ago when Sajith was just a school leaver and without any knowledge of the activities of the then government or those rebelled against it..

  10. Kishan says:

    Sajith is a born mutt, what he did in Royal and how he played cricket is a public secret at that time and become a laughing stock of all.he is a person with a pig head thinking he is greater than all

Main News