සජිත්-ඩඩ්ලි ජයික් හිල්ටන් හෝටලයේ රහස් සාකච්චා… සජිත් ශ‍්‍රීලනිප සහාය ඉල්ලයි.. ඩඩ්ලි මෛත‍්‍රීට අගමැතිකම ඉල්ලයි..

September 14, 2019 at 9:20 am | lanka C news
සජිත්-ඩඩ්ලි ජයික් හිල්ටන් හෝටලයේ රහස් සාකච්චා… සජිත් ශ‍්‍රීලනිප සහාය ඉල්ලයි.. ඩඩ්ලි මෛත‍්‍රීට අගමැතිකම ඉල්ලයි..

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා වන ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා අතර රහසිගත සාකච්ඡාවක් පසුගිය අඟහරුවාදා දිනයේ කොළඹ යුනියන් පෙදෙසේ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැත් වී තිබේ.

ජනාධිපතිවරණයේ ආසන්නයේදී සිදුව ඇති මෙම හමුවූ ගැන දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතා බහට ලක් වී ඇත.

හෝටලයේ කාමරයක් වෙන්කර ගෙන තිබුණේ වෙනත් අයෙකුගේ නමින් ඉතා පෞද්ගලිකව කිසිවෙකුට සැකයක් ඇති නොවන පරිදිය.

මෙම සාකච්ඡාවේදී ‍ප‍්‍රධාන මාතෘකාව වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපති අපේක්‍ෂකත්වය පිළිබඳවයි.

සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලැබුණහොත් ශ්‍රීලනිපයෙන්ද අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට පැමිණිය යුතු බව එහිදී සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත.

ගෝටාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද පදනම සෑහෙන ප්‍රමාණයකින් අඩු වීමට එය බලපාන නිසා තම ජයග්‍රහණය තහවුරු කරගැනීමට එය ඉවහල් වන බව ද ඔහු පෙන්වා දී තිබේ.

මෙහිදී ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුවේ අගමැති ධුරය මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමි වන්නේ නම් ඒ ගැන සෘජුව තමන් මැදිහත්ව කටයුතු කරන බවයි.

යම්හෙයකින් එජාපෙ අපේක්ෂකත්වය නොලැබුණහොත් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ්‍රීලනිපය ද හවුල් කරගෙන ජනාධිපතිවරණ සටනට පිවිසීම ගැන ද මෙහිදී සාකච්ඡා කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතාට අගමැති ධුරය ලැබෙන්නේ නම් අවශ්‍ය සහයෝගය ලබා දීමට මැදිහත් වීම තමන්ට හැකි බවද ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කර ඇත.

– තොරතුරු මව්බිම පුවත්පතිනි..

38,098 Viewers

13 Comments to “සජිත්-ඩඩ්ලි ජයික් හිල්ටන් හෝටලයේ රහස් සාකච්චා… සජිත් ශ‍්‍රීලනිප සහාය ඉල්ලයි.. ඩඩ්ලි මෛත‍්‍රීට අගමැතිකම ඉල්ලයි..”

  1. New Times says:

    රටට එකම විකල්පය 225ම පන්නා පොදු ජනතාව රාජ්‍ය බලය අත්පත් කර ගැනීමයි.
    ඉන්දියාවේ දැවැන්ත නිදහස් අරගලයෙනුත්,චීනයේ 1949 විප්ලවයෙනුත් වුනේ අධිරාජ්‍යවාදීන් එම රටවල දේශිය හෙන්චයියන් හා සමග එක්ව හෙබවු රාජ්‍ය බලය පොදු ජනතාව අත්පත් කර ගැනීමයි. ඉන්දියාවේ,චීනයේ දියුණුව ආරම්භ වන්නේ රාජ්‍ය බලය ජනතාව අතට ලැබීමේ ප්‍රතිඵලයක් ලෙසය. ලංකාවේ දැනට සිදු වන්නේ 1948 දක්වා අධිරාජ්‍යවාදීන් හෙබවූ රාජ්‍යය බලය පාර්ලිමේන්තුව නම් හොර ගුහාව යොදවාගෙන, බොරැ නිදහසක් බොරැ ප්‍රජාතන්ත්‍රවදයක් ගැන රවටවමින්, රතු කොල නිල් පාට පාට ලේබල පින්තාරැ කල හෙන්නචයියන් මාර්ගයන් තවදුරටත් විදේශ බලවේග විසින්ම දැරීම හා මෙහෙයවීමයි.සැබෑ නිදහස හා දියුණුව ලැබීමට නම් මේවනවිට තමන් අත නැති රාජ්‍ය බලය ජනතාව තම අතට ගත යුතුය.

    • Vesamuni says:

      රටට එකම විකල්පය 225ම පන්නා පොදු ජනතාව රාජ්‍ය බලය අත්පත් කර ගැනීමයි. nae. meka oya 225 athara inne haalparuwan keepa denekugema tharkayak. oya kiyana vidiyata 225 ma pannanta bae chandayakin. owun athara honda aya keepadenekhari innawa. nikamma othenta pathwunu aya newei. ahasin waetunu nagananda dudly dhammika perera rohan pallewatta daya gamage wage patu buddiyen katamaetha dodawana porawalwalata mmlayak thiyana ekek chandaya deida. daenata inne aya atharin waedapenna aethi aya innawa. oba kiyana aluth aya kramakramayen owunge thaena aniy passe.

      • sathya says:

        ඔය 225 කියකියා ඇවිදින්නේ යූටියුබ් නාගයගෙ කාන්ඩෙනේ. දැන් ජෙප්පන්ට නාගයට වඩා පුංචි අම්මගෙ පුතාට සලකන්න එපායැ. ඒ කියන්නේ එජාපෙට දෙන්න කියලනේ

    • ranjan says:

      අමනයෙකුගේ හිස් වචන ගොඩක් .ඉන්දියාවේ කොහේද ජනතාවට බලයක් ලැබුණේ .ජනතාවට බලය ලැබෙනවයි කියන්නේ කුමක්ද ?

    • Ex JVP says:

      ඉංදියාවේ ජනතාවට අපට තරම්වත් යහපතක් නැහැ. ඉංදියාවෙ බලය තියෙන්නෙ පර්ලිමේන්තු ක්‍රමය තුළ. ඔය කියන නිදහස් අරගලෙන් ඉංදියාව කෑලි කෑලි වලට කැඩුන මිසක්, ජනතාවට ලැබුනු දෙයක් නැහැ. බහුතරයක් ඉංදියානුවො නූගත් කම, දරිද්‍රතාවය, අසාධාරණය ආදියෙන් පීඩා විදිමින් අන්ත දුගී තත්වයකයි ජීවත් වෙන්නෙ. දේශපාලකයො ඇස් දෙක ලගටම වංචාවෙන්, දූෂණයෙන් වැහිල.

      චීනයෙ බලය තියෙන්නෙ තනි දේශපාලන පක්ෂයකට. ජනතාවට තියෙන්නෙ ඒ අය කියන විදියට වැඩ කරන්න.

      රටක් උනොත් පාලකයො ඉන්න ඕනැ. 225 ම ගෙදර යැව්වත් රට පාලනය කරන ප්‍රායෝගික ක්‍රමය මොකක්ද? ඉස්කෝලයක බලය ශිෂ්‍යයො ගත්තොත් යහතින් ඉගැන්වීම සිදු කළ හැකිද්?

      ඔය ජනතාව අතට බලය ගන්න කතා ඉස්සර වාමාංශිකයො කියපු බොරු සටන් පාඨ. ඒවා එදා සැබෑ උනෙත් නැහැ. අනාගතේ වෙන්නෙත් නැහැ..

  2. RAYMOND says:

    සජිත් ප්‍රේමදාස මහතා මයිතීරී මහතා සමග ගියොත් දෙන්න ටම අබසරනයි දින්නොත් රටටම අබසරනයි

  3. Ex SLFP says:

    ගිය පාර මහින්දත් එක්ක ආප්ප කාලා චෞරි, ක්ලීනර්, අර්ජුන් ආදිය එක්ක එකතු වෙලා ගහපු ජරා ගේමෙන් මහ පුටුවට පැනගෙන රට කාලා පක්ෂයත් කාලා ජඩපති නාටකේ පළමු කොටස හමාර කළා. දැං රටම ප්‍රපාතෙක ගැට්ටෙ ඉන්නව කවුරු හරි ඇවිත් ගලව ගන්නකම්..

    නාටකේ දෙවැනි කොටස මල්ලිගෙ සල්ලි විසි කරල අලුත් ගේමක් ගහල අගමැටි පුටුවට පනින්න වගේ කල්පනාව.. නරක නෑ ගේම්පාල ගෙ අදහස… වැලේ වැල් නැතුව ඉන්න සජියට වැලක් වෙලා අගමැටි කමට පැන ගත්තොත් රට ප්‍රපාතෙටම තල්ලු කරලම අපායෙ යන්න බැරියැ…

    • මඩයා says:

      ගිය සැරේ වගේම රටේ ඉන්නේ ගොං බහුතරයක් නම්, පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ලැබිල තියෙන්නේ නූගත් බහුතරයක් සිටින රටකට නම් එහෙම උනත් ඉතිං මොනවා කරන්නද?

  4. gamarala says:

    ජනතාව පිළිතුරු දේවි මුන්ට තරු පෙනේවි

  5. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    සජිත්ට ඩඩ්ලි ඔය කවන්න හදන්නේ අරලිය හාල් නොවෙයි දෙයියන්ගෙ හාල්.

  6. පොරමෝලා says:

    පොරට ඇත්තටම ඩඩ්ලිට නෑ කමක් ඇති. ඒකයි ශ්‍රීලංනිපෙ එජාපෙට ප්ල්ග් කරන්න යන්නෙ

  7. Stanley says:

    Bargaining on SLFP dead body.

Main News