සජිත් දිනවන්න හකීම්, බදුර්දීන්, චම්පික, මනෝ පක්‍ෂ නායකයන් එකග වෙයි.. රනිල්-සජිත් සුසංයෝගයෙන් ජනාධිපතිවරණයට..

August 31, 2019 at 3:50 pm | lanka C news
සජිත් දිනවන්න හකීම්, බදුර්දීන්, චම්පික, මනෝ පක්‍ෂ නායකයන් එකග වෙයි.. රනිල්-සජිත් සුසංයෝගයෙන් ජනාධිපතිවරණයට..

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට අපේක්ෂකයා ලෙස තරඟ වදින්නේ නම් ඔහුට එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ සම්පූර්ණ සහාය ලැබී ඇති බව කැබිනට් නොවන ඇමැති හර්ෂ ද සිල්වා මහතා පවසයි.

රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, චම්පික රණවක, මනෝ ගනේෂන් ඇතුළු නායකයන් සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට සම්පූර්ණ කැමැත්ත පළ කර ඇති බව ද ඔහු පැවසීය.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගේ එකඟතාවය ලබා ගැනීමෙන් පසු රනිල්ස-ජිත් සුසංයෝගය ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාගැනීම සඳහා සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ අනෙක් දේශපාලන පක්ෂ සමග මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

47 views

12 Comments to “සජිත් දිනවන්න හකීම්, බදුර්දීන්, චම්පික, මනෝ පක්‍ෂ නායකයන් එකග වෙයි.. රනිල්-සජිත් සුසංයෝගයෙන් ජනාධිපතිවරණයට..”

  1. Amigo says:

    හෑ මෙයාලගේ බොරුද කොහෙද?

  2. හෙලයා says:

    දැන් ඉතින් සජිත් ට අඩු සහරාන් ගෙ සපෝට් එක විතරය්.

    • බන්ඩා says:

      ඇත්ත මන්දීර වැඩක් නෑ. සිරිසේන පො⁣ලොන්නරැවෙ ඉදන් පාලනය කලා වගේ සජිත්ට සහ ආරියාවට හම්බන්තොට ඉදන් පාලනය කල හැකිය්.

    • sanath says:

      MR, parada karanta aluthgama muslim janataawa winaasa karapu prajitha minee maruwa awasaanaye batalande gahalayata ekathu unaa, uge upa naayaka cham paka
      minee maruwa aaryaawage nidan mongalayata ekatu unaa, mongalaya.
      dan U,N,P, ya meheya wanne, manga penwanne U,N,P, naayakayo nowei.
      desa paalalanayedi nannatthaara una naruma kandaayaamak. upan gei u,n,p, kaarayo me jaraa wadeta kamathi naha,
      namuth…gu,n, p, kaarayo prajitha ,cham paka. .narumainta kamati nisaa ,aaryaawa
      bharyaawa kara gena ponil, sajith.dennama blaas karanawa,
      kaata narak unath meka ratata anaagathayata hondai.

  3. Mani says:

    Dr Harsha do you agree with Sajith to convert President’s house and Temple Trees to educational institutes?
    Do you agree that the President of this country should work hard without any meals and even water for 16 hours a day?

  4. Darshi says:

    Dr Harsha Lot of people now wonder if your doctorate is authentic. Educated people won’t support a candidate who almost daily talks bullshit.

  5. Nishantha says:

    susanyogaya maru.kohomba gahata karawila wala giya wage thiyei

  6. මරු පච මෝල. හිතෙන හිතෙන එක ඇත්ත වගේ කියනව. බලං ඉන්න රනිල් දෙනකං.පච රනවකත් මෙදා පාර ඇනගෙන ඉන්නෙ පනින්න නැවක් නැතුව.

  7. Bold Citizen says:

    The result is a forgone conclusion.. What a waste of time by opponents forming useless alliances with unknown small parties, visiting homes with smart phone apps, having seminars barring media, rounds and rounds of fruitless talks with certain parties, publishing false surveys etc. etc. and what not..??

    • Exactly. Result is clear from miles away…
      Sajith is working hard day and night for a lost cause..
      Pity he does not understand a bunch of rogues are pushing him forward, knowing he will be destroyed…
      Fools are not afraid..

  8. George says:

    Bold citizen Yes the result is a foregone conclusion but not what you think. UNP is still struggling to name their candidate.

  9. 2015 ජනපති/අගමති පිස්සු ඩබල්,2020 නායකත්ව මන්ඩල පිස්සු ට්‍රිබල්

Main News