සජිත් නම් කල මද්දුම බණ්ඩාරට පොල්ලක් දමයි.. එජාප සන්ධන ලේකම් නම් කරන්න රනිල්ගෙන් කමිටුවක්..

February 4, 2020 at 2:10 pm | lanka C news
සජිත් නම් කල මද්දුම බණ්ඩාරට පොල්ලක් දමයි.. එජාප සන්ධන ලේකම් නම් කරන්න රනිල්ගෙන් කමිටුවක්..

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව පිහිටුවනු ලබන නව සන්ධානයේ මහ ලේකම් තෝරා පත්කර ගැනීම සඳහා ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන ඇත.

මෙම කමිටුව සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන නවීන් දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, රවි කරුණානායක යන මහත්වරුන් පත්කර ඇතැයි සිරිකොත පක්ෂ මූලස්්ථානයේ ඊයේ (03දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංගේ බණ්ඩාර මහතා පැවසීය.

මෙම කමිටුව විසින් නව සන්ධානයේ මහ ලේකම් ලෙස පත් කරන්නේ කවුුරුන්ද යන්න අනිද්දා (06 දා) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ඔවුන්ට උපදෙස් දී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය. නව සන්ධානයේ මහ ලේකම් ලෙස එක්සත් ජාතික පක්ෂයේ අයකු පත්කරන ලෙසත්, ඒ සඳහා පක්ෂයේ කිහිප දෙනකුගේ නම් පත් නොකරන ලෙස පක්ෂ නායකත්වය උපදෙස් දී නැති බවත් හෙතෙම පැවසීය.

නව මහ ලේකම් තනතුරට අමතරව අනෙකුත් තනතුරු සඳහාද නම් නිර්දේශ කරන ලෙසත් මෙම ත‍්‍රිපුද්ගල කමිටුවට උපදෙස් දී තිබෙන බව ඔහු කීය. තනතුරු සඳහා නිර්දේශිත නම් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡුා කර තීරණයකට එළැඹීමට නියමිත බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් නව සන්ධානයේ මහ ලේකම් ධුරය සඳහා නමක් යෝජනා කිරීමේ බලය එහි නායකයා වන සජිත් පේ‍්‍රමදාස මහතාට පැවරෙන කාර්යයක් වන නමුත් එය සම්මත කිරීම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් කළ යුතු වේ.

– divaina

224 views

One Comment to “සජිත් නම් කල මද්දුම බණ්ඩාරට පොල්ලක් දමයි.. එජාප සන්ධන ලේකම් නම් කරන්න රනිල්ගෙන් කමිටුවක්..”

  1. kawinda says:

    monawa kalath Akila Wiraaj nam epa..

Main News