සජිත් පරාජය වන බවට සමීක්‍ෂණ වාර්තා සජිත් අතට ලැබිලා..

October 23, 2019 at 3:00 pm | lanka C news
සජිත් පරාජය වන බවට සමීක්‍ෂණ වාර්තා සජිත් අතට ලැබිලා..

වතු කම්කරු වැටුප රුපියල් 1,500 දක්වා වැඩිකරන බවට සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරන ප්‍රකාශය වතුකම්කරුවන් නැවතත් රැවටිමකට ලක්කිරීමක් බවත්, 2015 වතු කම්කරු වැටුප රුපියල් 1,000ක් බවට පත්කරන බවට ලබා දුන් පොරොන්දුව පවා තවම ඉටු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට අසමත් වී බවත් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි.

කොලොන්න බුලුතොට ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,මෙවර ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහත්තයට නියත පරාජයක් හිමිවන බවට ලැබුණු සමීක්ෂණ වාර්තාත් එක්ක එතුමා ඉටු කළ නොහැකි මැතිවරණ පොරොන්දු ගණනාවක් ප්‍රකාශ කරමින් දැන් රට වටේ යනවා. පසුගියදා හැටන්වලදී එතුමා වතු කම්කරුවන්ට රුපියල් 1,500 දක්වා වැටුප් වැඩිකරන්න පොරොන්දු වෙනවා.වතු කම්කරුවන් රවටමින් ඔවුන්ගේ ඡන්ද ටික තමන්ගේ ගොඩටදාගන්න එතුමා උත්සාහ කලත් වතු කම්කරුවන් වගේම  වතු වෘත්තීය සමිති ලෙහෙයියෙන් මුලා කරන්න එතුමට බෑ.මම හිටපු කම්කරු ඇමති විදිහට දන්නවා වතු කම්කරු වැටුප් වැඩිකරන ක්‍රමවේදයක් තියෙනවා.ඒ වතුකම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිති වගේම වතු හාම්පුතුන් යන පාර්ශව දෙකම කම්කරු අමාත්‍යාශයට ඇවිල්ලා සාකච්ඡා කරලා සාමුහික ගිවිසුමක් අත්සන් කරලා තමයි වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම් කරන්නේ.එම ක්‍රියාවලිය වසර දෙකකට වරක් සිදුවෙනවා.ඒක හරිම දුෂ්කර ක්‍රියාදාමයක්.රුපියල් 50 කින් පඩි වැඩිකරන්නත් සාකච්ඡා වට 10ක් විතර පාර්ශව දෙක සමග කරලා තමයි එකඟතාවයක් ඇති කරගන්නේ. අනික දැන් රජය සතු වතු බොහොම සීමිතයි.එක්සත් ජාතික පක්ෂ රජය යටතේ වතු බොහොමයක් පෞද්ගලික අංශයට විකුණලා තියෙන්නේ.ඒ වතු දැන් තියෙන්නේ පෞද්ගලික සමාගම් යටතේ.ඒක නිසා රජයට ඕන ඕන විදිහට පඩි වැඩිකරන්න බැහැ.ගෝඨාභය මහත්තයා වතු කම්කරු වැටුප රුපියල් 1,000ක් කරන බව කිව්ව විතරයි සජිත් 1,500ක් දෙනවා කියනවා.ගෝඨාභය මහත්තයා වතු කම්කරු වැටුප රුපියල් 1,000 දෙනව කිව්වේ තේ කර්මාන්තය නගා සිටුවීමේ ප්‍රායෝගික වැඩපිලිවෙලක් ඉදිරිපත් කරලා.තේවලට කසල තේ කලවම්  කිරීම නතර කිරීමට පියවර ගැනීමටත් එතුමා කටයුතු කරනවා කිව්වා.සජිත් තේකර්මාන්තය නගා සිටුවීමේ කිසිදු වැඩපිළිවෙලක් කියන්නේ නෑ. ඒක නිසා මෙවැනි ප්‍රකාශ මහපෙලොවේ යථාර්තයක් බවට පත්කල නොහැකි  ප්‍රායෝගික නොවන හුදු ප්‍රකාශ පමණක් බව කිව යුතුයි.සෙනෙවිරත්න මහතා පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින්, සජිත් ප්‍රේමදාස මහත්තය කියන ප්‍රකාශ සහ ලබා දෙනවා යැයි කියන පොරොන්දු  සම්බන්ධව ජනතාවට කිසිදු විශ්වාසයක් නෑ.මොකද එතුමා දැනුත් කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස වත්මන් රජය තුළ ක්‍රියාකරනවා.එතුමාට මේ ලබා දෙන පොරොන්දු මැතිවරණයට පෙර කැබිනට් මණ්ඩලටයට යොමු කරලා ලබා දෙන්න කටයුතු කරන්න තිබුණා.අවුරුදු හතරහමාරක් බලය ඉඳලා දැන් නින්දෙන් අවදිවෙලා වගේ සිදු කරනු ලබන ප්‍රකාශවලින් එතුමා පසුගිය කාලය තුළ සිදුකල වැඩවලින් කිසියම් හෝ කීර්තියක් ලබා තිබුණානම් එම කිර්තිය සහ ගෞරවයද  දැන් මේ  සිදු කරනු  ලබන ප්‍රකාශ හරහා එතුමාට අහිමිවන බව කිව යුතුයි.

– ධම්මික තිලකරත්න

80 views

15 Comments to “සජිත් පරාජය වන බවට සමීක්‍ෂණ වාර්තා සජිත් අතට ලැබිලා..”

  1. Podu Janaya says:

    රෝයල් ගිහිල්ලත් සාපෙළ වත් සමත් නැති. ජීවිතේට රස්සාවක් කරලා නැති. අමුතුම හීන මානයකින් පෙලෙමින් ගස් නගින ඒ දණ්ඩේ යන්න දඟලන, අම්මගේ සංගීත ලෙඩේ ඒ විදියටම තියෙන, යටට අදින්නේ නැතිව රෑට ගෙවල් වලට පැනල සතුට හොයන, අණදීලා පඩි වැඩි කරන්න , බඩු මිල අඩුකරන්න පුළුවන් කියල හිතන, ආර්යාව මැදුරේ තියල වෙනම ජීවත් වුන තාත්තගේ ලෙඩ තියෙන, බොත්තමකින් රටේ තොරතුර දැනගන්න හිතන පිස්සු මිනිහෙක් ට චන්දෙ දෙන්න අපට පිස්සුද ?

  2. උපතින්ම එජාප පාක්ෂිකයා says:

    This is a very good analysis, thank you Mr. W.D.J.Seneviratne for clarifying this important matter.

Main News