සජිත් පරාද කලේ රනිල් විසින්.. ජනාධිපතිවරණ අරමුදල් හොරකම් කලා..- එජාපය පුපුරවමින් සජිත් පිල ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවක..

November 20, 2019 at 3:22 am | lanka C news
සජිත් පරාද කලේ රනිල් විසින්.. ජනාධිපතිවරණ අරමුදල් හොරකම් කලා..- එජාපය පුපුරවමින් සජිත් පිල ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවක..

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පරාජය කර වූයේ රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයා ඇතුළු එම කණ්ඩායම විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

තමන් එක්සත් ජාතික පක්ෂ බිංගිරිය ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වන බව ද මෙවන් තත්ත්වයක් යටතේ ඉදිරියට යාමට තමන් සූදානම් නැති බව ද ඔහු කියා සිටියේය.

තවදුරටත් දේශපාලනය කරන්නට නම් පක්ෂ නායකත්වය ඇතුළු සියළු තනතුරු වෙනස් විය යුතු බව ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරණයේදී පක්ෂයට ලැබුණු අරමුදල් අතුරුදහන් වූ බවද කී ඔහු සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ඉතා අපහසුවෙන් සිදු කල බවද සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතා පරාජය කරවීම සඳහා මැතිවරණ කාලයේ දී විවිධ කටයුතු කළ බවද ඔහු කියා සිටියේය.

මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් අමතමින් මෙම චෝදනා එල්ල කරන ලදී.

සජිත් ඇතුළු එජාපය පරාජය කළේ රනිල්

සජිත් ඇතුළු එජාපය පරාජය කළේ රනිල්

Gepostet von Hiru News am Dienstag, 19. November 2019

0 views

23 Comments to “සජිත් පරාද කලේ රනිල් විසින්.. ජනාධිපතිවරණ අරමුදල් හොරකම් කලා..- එජාපය පුපුරවමින් සජිත් පිල ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවක..”

  1. Saradiel says:

    මහා බැංකු හොරකම ගැන කතා නැහැ ලැජ්ජයි

  2. nimal says:

    සජිත් වේදිකාවේ කතා කළේ පහළම මට්ටමේ සිටින මිනිසුන්ටයි…හැමදේම නිකං දෙනවා කිවුවා…පහළ මට්ටම චූන් වුණා…උගත් පිරිසට ඔහුව එපාවුණා…රනිල් 2005 උතුරේ චන්ද නැතුව පැරදුණේ ඉතා සුළු ගණනකින්…අගමැතිකම නැතිවුණ වෙලාවේ ලේ බිංදුවක් හොල්ලන්නෙ නැතුව ලස්සනට අගමැතිකම ගත්තා…සජිත් ඉන්නෙ රනිල්ට වඩා ගවු ගණනක් දුරින්…unp මන්ත්රීවරුමයි රනිල්ව පහළට දාල තියෙන්නෙ…පොහොට්ටුවේ අයට 70
    පැනපු ගෝටා,මහින්ද හොඳ නම් UNP අය රනිල්ගේ වයස ගැන කතා කරන්නෙ ඇයි…? මන්ත්රීවරු රනිල්ට අඩු තක්සේරුවක් නොදී ඉන්නවා නම් පාක්ෂිකයෝ සජිත්ට වඩා රනිල්ව පිළිගන්නවා…

  3. malraj says:

    අපේක්ෂකත්වය ගත්තේ සටන් කර
    එනමුදු නොවී ඔහු රටටම වැඩක් කර
    ඉල්ලන් කෑ පරිප්පුව දැන් මතක් කර
    රනිල්ට නොබැන බලනුව ! තොපෙ දෙනෙත් හැර

Main News