සජිත් පාර්ශවයට ‘බූරුවා’ ලකුණු යෝජනා කරයි..

March 8, 2020 at 6:48 pm | lanka C news
සජිත් පාර්ශවයට ‘බූරුවා’ ලකුණු යෝජනා කරයි..

ලකුණක් සොයා ගත නොහැකිව අසරණ වී සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ලකුණක් යෝජනා කළේය.

අද (08) මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මධ්‍යම බල මණ්ඩල රැස්වීමේ දි ඇමතිවරයා කීවේ එක්සත් ජාතික පක්ෂය අද ලකුණවලට රණ්ඩු වන බවයි. එක් පාර්ශවයක් අලියා ඉල්ලද්දි අනෙක් පාර්ශවය හදවත ඉල්ලන බව තවත් පාර්ශවය දුරකතනය ඉල්ලන බවත් ඇමතිවරයා කීවේය. රැස්ව සිටි ජනතාව එවිට කීවේ ලකුණ ලෙස බූරුවා යොදා ගැනීම වඩාත් හොද බවයි. ඊට ප්‍රතිචාර දැක් වු රණතුංග මහතා සජිත්ට බූරුවා හොද වැඩි යැයි කීවේය.

ඒ වෙනුවට හිස හංසයෙකු වැනි බෙල්ලේ දුරකතනයක් ගැට ගැසු හදවත පශ්චාත් භාගයේ ගසා ගත් අලියෙකුගේ ලකුණ එක්සත් ජාතික පක්ෂයට වඩාත් ගැලපෙන බවත් වලිගයේ සීනුව ගැට ගැසුවොත් එය තවත් සුදුසු බවත් ඇමතිවරයා කීවේය.

– ප්‍රදීප් අනුර කුමාර

45 views

11 Comments to “සජිත් පාර්ශවයට ‘බූරුවා’ ලකුණු යෝජනා කරයි..”

  1. Love nature says:

    රනිල්ගෙන් සජිත්ට වෙන්න යන්න දේ

    දවසක් නස්රුදීන් ලුණු වගයක් බූරුවාගේ පිටේ පටවාගෙන වෙලඳ පොළට අරන් ගියා, විකුණන්න. බූරුවා කියන දේ නාහන දඩබ්බර එකෙක්.
    ඒ යන අතරමගදී ඌ නස්රුදීන්වත් ඇදගෙන දිය පාරකට පැන්නා. ලුණු ටිකක් දියවෙලා බර අඩු වුණා. එයින් ලැබුණු සහනය ගැන ඌට සංතෝස හිතුණා.
    ඒත් ලුණු වල බර අඩුවීම ගැන නස්රුදීන් සතුටු වුණේ නෑ.
    ඊළඟ වතාවේ ඔහු මේ මගම ගියේ බූරුවාගේ පිටේ කපු පුලුන් තොගයක් පටවාගෙනයි. එදත් කලින් වතාවේ වගේ දිය පාරෙන් යන්න බූරුවා කල්පනා කළා.
    ඒත් එදා තිබුනේ පුළුන් හින්දා ඒවා වතුරෙන් පෙඟිලා ඒවයේ බර වැඩි වුනා. තෙත බරි වුණු පසු ඒ බර තවත් වැඩි වුණු බව බූරුවාටත් හොඳින්ම දැණුනා. ඌ ඒ අමාරුව පිටතටත් පෙන්නුවා. ඒක දැකලා නස්රුදීන් හිනා වුනා. “හා!හා! උඹ හිතුව නේද හැම තිස්සෙම වතුරෙන් ගියාම බර අඩු වෙනවා කියලා? හොඳ වැඩේ!” නස්රුදීන් බූරුවාට කිව්වා.

    • Gamini says:

      රවියට පූර්න රැකවරන සලසන මහින්දට ගෑඋන එකෙකුට ඔබගේ මනාපය දෙන්ඩ එපා.

      • Boo says:

        අනේ, දැක්කා වගේ කියන ලස්සන මෙයා ! මහින්ද රවියව අරගෙන ගියේ රත්තරන් අස්සයා පිටද, නැත්තන් ලම්බෝගිනි එකේද, එහෙමත් නැත්තන් අර පවුලේ එක්කෙනාට එක ගානේ තියනවා කියපු හෙලිකොප්ටරෙකද මෙයා?

  2. ෴🐮🐮🐮෴ says:

    මේ කියන්නේ බූරුවා ගහන අය ගැනද..?
    නැත්නම් කකුල් හතර මගේ වංශයේ අපි ගැනද?
    එහෙමත් නැත්නම් ‘ක’ අකුර අඩුවෙලා කියපු ..
    බුරු…කා…වා වචනයද ගැනද?
    මොනවා උනත් ගියවර වැඩි චන්ඳ ලැබුවේ ඒ අයගෙන් නිසා..
    ඒ ලංචනය වඩාත් සුදුසුයි මට හිතේ..
    මීට- බූරුවා

  3. ara soyza says:

    patta lakuna.

  4. පිස්සු කෙලින්ඩ එපා ඹ්යි රවි කරුණානායක ව අත්අඩංගුවට ගන්නවා

  5. Nalaka says:

    Mona lakunen illuwath thota mokada

  6. MD says:

    🦆☎️🐘🖤=🐃

    • Rata Wenuwen says:

      පෑඩ් සජියගෙ ලකුණ නම් බූරුවා නොව පොල් බූරුවයි, මූ රනියගේ ලණු කනතරමට,
      පෑඩයෝ කලයුත්තේ තොපි කොහොමටත් පරදින නිසා වෙනම සටන්කර රනියට වඩා චන්ද අරගෙන පෙන්නපිය, එතකොට රනියා කපුචියි, උඹ උඩ, කල්පනා කරපිය.

  7. Mama says:

    නොදන්නා “බූරුවන්ගේ” දැන ගැනීම පිණිසයි……. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔබාමා, බිල් ක්ලින්ටන් වැනි ලොව දිනු ජනාධිපතිවරුන් බිහිකළ Democtratic පක්ෂයේ ලකුණද “බූරුවා” වෙයි…. හිකිස් !!!!!

  8. ඉල්ලන් කනකොට නිදන් හාරපුවා මැවිලා පේනවා???????????

Main News