සජිත් පිලට කොකා පෙන්නයි.. එජාප අපේක්‍ෂක නම් කිරීම කෘත්‍යාධිකාරිය අතට ගනී..

September 16, 2019 at 3:50 pm | lanka C news
සජිත් පිලට කොකා පෙන්නයි.. එජාප අපේක්‍ෂක නම් කිරීම කෘත්‍යාධිකාරිය අතට ගනී..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයා තීරණය කිරීම මීළඟට රැස්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී සිදුකිරීමට නියමිතව ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම තීරණය ගෙන ඇති බව එම පක්‍ෂ ආරංචි මාර්ග වාර්තා කරයි.

ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරන්නේ ඉදිරි දින 10 ක කාලය තුළ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන බවයි.

පක්ෂය තුළ පැවැති අර්බුදය දැනට වී ඇති බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය දිගින් දිගටම ඉල්ලා සිටියේ පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එක්ව ඡන්ද විමසීමකින් ජනාධිපති අපේක්ෂකයා තෝරා ගත යුතු බවයි.

නමුත් පක්ෂ ව්‍යවස්ථාව අනුව කෘත්‍යාධිකාරි මණ්ඩල බහුතරය අපේක්ෂකයා තෝරා ගැනීමට එම පක්ෂය තීන්දු කර ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෑතකදී පක්ෂ ජේෂ්ඨයන් සමග පැවති සාකච්ඡාවේ දී සඳහන් කර තිබුණේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතරය තමන්ට ඇති බවයි.

34,171 Viewers

2 Comments to “සජිත් පිලට කොකා පෙන්නයි.. එජාප අපේක්‍ෂක නම් කිරීම කෘත්‍යාධිකාරිය අතට ගනී..”

  1. thill says:

    you have vote of committee but you are not with civilian

  2. පොරමෝලා says:

    සජිත් සිරිසේන සහ කරු අනුර සුසංයෝග ආවත් එජාපෙ චන්ද දෙකට කැඩෙන නිසා උන්ට දිනන්න ලැබෙන්නෙ නෑ..

Main News