සන්ධාන මහ ලේකම් මද්දුම බණ්ඩාර කෘත්‍යාධිකාරියේ අනුමතයි..

February 10, 2020 at 6:48 pm | lanka C news
සන්ධාන මහ ලේකම් මද්දුම බණ්ඩාර කෘත්‍යාධිකාරියේ අනුමතයි..

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන කරගෙන බිහි කරන නව සන්ධානයේ මහලේකම් ධූරය එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබා දීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කළේය.

එජාප නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මෙම හමුව පැවැත්විණි.

117 views

3 Comments to “සන්ධාන මහ ලේකම් මද්දුම බණ්ඩාර කෘත්‍යාධිකාරියේ අනුමතයි..”

  1. ජාතියේ සාපය...😈👹👺 says:

    අපි අදහන දහමට අවමාන නොකර ඔය අතේ බැඳගෙන ඉන්න සුදු නූල අයින් කරගන්නවද හලෝ..!

    බලාගෙන ගියාම රටම රවට්ටලා … හදවතට අත තියල වේදිකාවල නැගල අපව රවට්ටල පසුගිය යහපාලනය රජය විසින් මැතිඇමැතිවරුන් සඳහා පමණක් වාහන ගෙන්වීමට රුපියල් බිලියන 28 ක මුදලක් වැය කලේ මොන හිතකින්ද හලෝ!

    • Rata Wenuwen says:

      රදවාගේ චන්ද වියාපාරයට හොර සල්ලි අච්චුගහන්න කොන්ත්‍රාත්තුව අරගෙන තියෙන්නේ මේ දලු බන්ඩාරයාලු

    • SUDA says:

      How about Mahinda and his team spending 463 billion on vehicles from 2005 to 2015? Curse them too. Not only Yahapalanaya.

Main News