සජිත් පිලට එක බාල්දියක් වෙනුවට බාල්දි දෙකක්.. නව සන්ධානයේ සභාපති රනිල්.. ලේකම් අකිල..
August 22, 2019 at 3:50 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ ප්රධානත්වයෙන් ගොඩනැගෙන ‘ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ’ මහලේකම් ධුරයට එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ නම යෝජනා වී ඇත.
මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ ඇමැති රාජිත සේනාරත්න මහතාගේ නිවසේදී පැවති එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක සාකච්ඡාවේදීය.
ඒ අනුව මේ මස 31 වැනිදාට පෙර නව සන්ධානය පිහිටුවීමට එම සාකච්ඡාවේදී එකඟතාවකට පැමිණ ඇත.
මෙම සන්දානයේ සභාපති ධුරය එජාප නායක අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් දරනු ලබයි.