සජිත් පිලෙන් මරාගෙන මැරෙන ප්‍රහාරයක්.. පක්ෂ නායක රනිල්ට විරුද්දව විනය පරීක්ෂණයක් ඉල්ලයි.. ජනපතිත් කොනකට ගෑවේ..
August 30, 2019 at 12:02 am | lanka C news
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමති රවි කරුණානායක මහතා ජනාධිපතිවරයා හමුවී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා කර ඇති බව සදහන් යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය විරෝධය පළ කරයි.
ඇමති සුජීව සේනසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ කිසිදු තීන්දුවක් ගෙන නැති බවයි.
පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තු කණ්ඩායම අනුමැතියක් නැතිව එවන් යෝජනනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකයාට හා රවී කරුණානායක මහතාට විනය පරීක්ෂණ පැවැත්විය යුතු බවද එකී ලිපියෙන් පෙන්වා දී ඇත.