සජිත් පිලේ අපේක්‍ෂකයෙකු අත්අඩංගුවට ගනී…

July 23, 2020 at 12:00 pm | lanka C news
සජිත් පිලේ අපේක්‍ෂකයෙකු අත්අඩංගුවට ගනී…

ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක හිටපු රාජ්‍යය අමාත්‍යය සි.බි.රත්නායක මහතාගේ සම්බන්ධිකරණ නිලධාරියෙකුගේ රියදුරාට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත ජාතික සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක (හගුරන්කෙත) ජයලත් දිසානායක මහතා (23) දින උදැසන සැකපිට අත්අඩංගුවට ගත් බව හගුරන්කෙත පොලිසිය පැවසිය.

සම්බන්ධිකරණ ලේකම්වරයාගේ රියදුරා වන ප්‍රගිත් අත්තනායක මහතා හගුරන්කෙත ජල සම්පාදන මණ්ඩල කාර්යයාලට (22) දින සිය පුද්ගලික කටයුත්තක් සදහා ගොස් ආපසු පැමිණෙන විට සි.බි.රත්නායක මහතාට මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා උදව් නොකරන ලෙසට බැන වදිමින් ජයලත් දිසානායක මහතා පහර දුන් බවටයි හගුරන්කෙත පොලිසියට කරන ලද පැමිණිල්ලේ සටහන් කර ඇත්තේ.

පහර කැමට ලක් වුවේ යැයි කියන ප්‍රගිත් අත්තනායක මහතා හගුරන්කෙත ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා ඔහුව මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වලපනේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හගුරන්කෙත පොලිසිය පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

42 views

5 Comments to “සජිත් පිලේ අපේක්‍ෂකයෙකු අත්අඩංගුවට ගනී…”

  1. kamal says:

    Indian idiots what is lacking i was thinking. Because they cannot under stand birth can be ceased by eradicating senors of pleasure,form and non form. You should learn of four noble truth of budda’s preach otherwise you think Buddha will come again as rama. it is never happen rama was came as vesanthra and san thiusita god and finally as gutama where he eradicated all defilement and ceased birth. Indian idiots think not ending journey. Respect Buddha that is the cause for your ignorance idiots. Luckily i picked this point other wise you are going to not ending samsara or lives. This is from your teacher kamal and kamal’s teacher and Buddha’s massage from understanding of dhamma and vinaya or tripitaka or Buddha’s and thero’s discourses which not additional of Buddha’s arena or duration.

  2. නාරද says:

    ගෙදර සිට වැඩ කිරීම, දුරස්ථ අධ්‍යාපනය, දුරස්ථ දුරස්ථ කියමින් රජයේ ආයතන වල බොරු ව්‍යාපෘති මවමින් විශාල වටිනාකමින් යුත් උපාංග මිලදී ගන්නවා කියලා හිතනවා? හොයලා බලමුද?

  3. van says:

    මේකටත් මැකෝ ලියුම් ගහයිද දන්නෙ නෑ පොලිසියට මැතිවරනය ඉවර වෙනකම් අතඩන්ගුවට ගන්නෙපා කියලා

  4. kkuruwita says:

    මෑකෝ උතුමානනි, අපිව බේර ගන්ඩෝ !!!

  5. ලොලිපොප් මොංගල් says:

    2015 චන්දෙ ගැන තියෙන රෙකෝඩින් එක එලියට දානව කිව්වම මැකෝ, මොකෝ වුනේ. ඩයිනමෝ කොයිල් එක පිච්චුනා නේද. දැන් කෝ අර කලින් තිබුන කරන්ට් එක.