සජිත් පිලේ කාර්යාලයකට ගිනි තබයි..

July 30, 2020 at 3:26 am | lanka C news
සජිත් පිලේ කාර්යාලයකට ගිනි තබයි..

සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ ආඩිමුල්ලේ පිහිටි පක්ෂ කාර්යාලයට කිසියම් පිරිසක් ගිනි තබා තිබේ.

ඉන් රුපියල් ලක්ෂ පහක පමණ අලාභයක් සිදුවී ඇති බව එම පක්ෂයේ දිවුලපිටිය ප්‍රධාන සංවිධායකා රෝස් ප‍්‍රාන්න්දු මහත්මිය සඳහන් කරයි.

මෙම ගිනි තැබීම නිසා කාර්යාලය ආසන්නයේ නවතා තිබූ ජල බවුසරයකටද ද හානි සිදුවී ඇති බව ඇය පවසයි.

264 views
Main News