සජිත් පිලේ වංචා, දුෂණ, අනියම් ඇසුරු, අසම්මත චර්යා ගැන විස්තර පිටු ගණන් පල වේ.. රනිල් පිලේ දැඩි ප‍්‍රහාරයෙන් සජිත් පිල පසුබායි..

August 28, 2019 at 10:12 pm | lanka C news
සජිත් පිලේ වංචා, දුෂණ, අනියම් ඇසුරු, අසම්මත චර්යා ගැන විස්තර පිටු ගණන් පල වේ.. රනිල් පිලේ දැඩි ප‍්‍රහාරයෙන් සජිත් පිල පසුබායි..

එක්සත් ජාතික පක්ෂයේ ඇති වී තිබෙන බල අරගලයේ හේතුවෙන් එම දෙපාර්ශවය අන්තර්ජාලය ඔස්සේ එකිනෙකාට එරෙහිව දැවැන්ත මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරමින් තිබේ.

සජිත් පේ‍්‍රමදාස, හරින් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරා ආදී මැති ඇමතිවරුනට රනිල් පාර්ශ්වයේ වෙබ් අඩවි හා සමාජ ජාල ගිණුම් මගින් දරුණු චෝදනා එල්ල කරමින් තිබේ.

මුදල් වංචා, අනියම් ඇසුරැ, අසම්ම ඇසුරු සම්බන්ධයෙන් දීරඝ විස්තර නම් ගම් සහිතව මේ දිනවල පල කරමින් ඇත.

එමෙන්ම සජිත් පේ‍්‍රමදාස මහතා හිතවාදී ලෙසින් සිටි අය කෙනා දෙන්නා බැගින් රනිල් පිල විසින් දිනා ගැනීමටද කටයුතු කරමින් සිටිති.

මේ තත්වය මත සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී පිරිස් කිසියම් පසුබෑමකට ලක්ව ඇත්තේ යයිද වාර්තා වෙයි.

23 views

17 Comments to “සජිත් පිලේ වංචා, දුෂණ, අනියම් ඇසුරු, අසම්මත චර්යා ගැන විස්තර පිටු ගණන් පල වේ.. රනිල් පිලේ දැඩි ප‍්‍රහාරයෙන් සජිත් පිල පසුබායි..”

  1. පොරමෝලා says:

    මේ සියළුම දේශපාලඥයන් ඇනකොටා ගැනීම නිසා ඔවුන්ගේ ඇත්ත ස්වරූපය ජනතාවට දැන ගැනීමට ලැබීම ඉතාමත් හොඳ දෙයක්.මොවුන්ට අවුරුදු 5න් ලැබෙන ව්ශ්‍රාම වැටුප් ලබා දීමේ ක්‍රමය වහාම අහෝසි කල යුතුයි

  2. කලූ says:

    ඔහොම යං… ඔහොම යං …

Main News