සජිත් පිල කුල්ල කුජීතු කරමින් එජාපය සජිත්ට ගෝටාභය පෙන්වා ගහයි..

December 16, 2019 at 3:22 am | lanka C news
සජිත් පිල කුල්ල කුජීතු කරමින් එජාපය සජිත්ට ගෝටාභය පෙන්වා ගහයි..

මැතිවරණයක් ජයග්‍රහණය කිරීම සඳහා පක්ෂ නායකත්වය උවමනා යැයි පැවසීම පිළිගත නොහැකි අදහසක් බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ මහතා මේ බව පැවසීය.

පසුගිය ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූයේ කිසිදු පක්ෂයක සාමාජිකත්වය හෝ නොගෙන බවද ඔහු සඳහන් කළේය.

ඒ නිසා පක්ෂය ජයග්‍රහණය කරවීමට නායකත්වය අත්‍යවශ්‍ය යයි ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව බොහෝ රටවල උදාහරණයන් ගත හැකි බව ද ඔහු සඳහන් කරන ලදී.

සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ඉල්ලා විවිධ ප්‍රකාශයක් නිකුත් කරන්නේ ඔහුට විපක්ෂ නායක ධුරය සහ අගමැති අපේක්ෂක ධුරය ලබා දී තිබියදී බව ද මහාචාර්යවරයා පැවසීය.

රනිල් වික‍්‍රමසිංහ මහතා සුදුසු අවස්ථාවේදී සුදුසු නායකයාට ස්ථානය ලබා දෙනු ඇති බවත් දැනටමත් නායකත්වයෙන් සමු ගෙන යාමට ඔහු තීරණය කර ඇති බවත් මන්ත‍්‍රීවරයා එහිදී තව දුරටත් සදහන් කලේය.

133 views

8 Comments to “සජිත් පිල කුල්ල කුජීතු කරමින් එජාපය සජිත්ට ගෝටාභය පෙන්වා ගහයි..”

  1. Rata Wenuwen says:

    පෑඩ් රදවාගේ සිහිනය සැබැනොවේ,නායකත්වය ගහාගනිය මන්ගලයා කරනවා වගෙ ශ්‍රී අධෝමුකේ.

    • මයිකල් says:

      මිනිස්සුන්ට කුල මල කියන වසලයන් මේ 2019 දිත් සිටීම කණගාටුදායකයි

      • Rata Wenuwen says:

        මයිකල් අඩුකුලේ ඇයන්ට කඩේ යන්නෙත් අඩුකුලේ ඇයෝ, තෝත් ඒවගෙ එකෙක් වගෙයි, එය කිව්වේ පැඩ් සජියගෙ ශ්‍රී අධෝ මුකෙන්

  2. MD says:

    Agamathi apekshaka kamath aragena mas Rattalama illana sajith agamathi wunoth kohoma hitieda?sinhalayani moda novi chandaya daruwange anagathaya gana sitha niyama kenata (MAHINDATA)Denna.Jayawewa!

  3. Ga says:

    Apita ova adala nata….
    Karmaya ….
    Gunp karumaya…
    Budu dahamayata,Sagayan vahasalata
    Rattata,jathiyata kala aparadavalata
    Prathipala….

  4. මාතර සුනිල් says:

    නවින්ද, රුවන්ද. කාට වුනත් මට විශ්වාසයි රනිල, රදවට නං දෙන්නේ නැහැ. රදවට දුන්නොත් ඒක තමයි ලංකාවේ අවසානය. මේ මාස තුන, හතරට කියපුව, කරපුව ඇති මිනිහ ගැන හිතාගන්න. කිසිම උගත් කමක් නෑ, මොලයක් නෑ, රටට ආදරයක් නෑ, එකතු වෙන්නේ දේශද්‍රෝහීන් එක්ක. ප්‍රතිපත්ති රට බෙදන්න. ලැවරිය ප්‍රේමය මූට වඩා ටිකක් හරි හොදයි. අවු 4 ක් ඇමති, මොනවද රටට කලේ. නිධන් ටිකට වග කිව්ව.

  5. UNP-GALIBBA says:

    එජාපයේ නායකත්වයට හොඳම පුද්ගලයා කරුජයසූරිය පමණයි හේතුව ඔහු නියම පරිනත පුද්ගලයෙක් සහ පක්‍ෂයේ පැරණිම සාමාජිකයෙක් අපිදන්නා කාලයේ සිටම සජිත්ට තවම කල් ඇත ?????

  6. බෙිරැවල වික්ටර්. says:

    මොකාද මෙි ආශු මාරසිංහ කියන එකා? මූ කාලයක් JVP එකේ ඉඳල පස්සෙ රනිල්ගෙ මල්ලි අල්ලගෙන UNP ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංග ගත්ත ලොල්ලෙක් නේද?
    පුළුවන් නමි ලබන පාරත් තරඟකරල වරෙන්කො පාර්ලිමේන්තු. මුංවගේ අපතයො තමයි UNP ය කන්නෙ.
    ඒක තමයි වරක් පාර්ලිමේන්තුවෙදි දිනේෂ් ගුණවර්ධන කිවිවෙ මුගේ නමෙි හැටියටම මොළෙත් අංශුවක්වත් නෑ කියල.

Main News