සජිත් පිල ගල උඩ සටනට සූදානම්.. එජාපයෙන් අපේක්‍ෂකත්වය නැතොත් විකල්ප පිලකින් ජනාධිපතිවරණට…?

July 28, 2019 at 9:20 am | lanka C news
සජිත් පිල ගල උඩ සටනට සූදානම්.. එජාපයෙන් අපේක්‍ෂකත්වය නැතොත් විකල්ප පිලකින් ජනාධිපතිවරණට…?

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකත්වය නොලදහොත් විකල්ප පියවරකට යා යුතු බව එම පක්ෂයේ සජිත් හිතවාදී මැති ඇමති පිරිසක් සාකච්ඡා කරමින් සිටිති.

දැනටමත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ මන්ත‍්‍රීවරුන් බහුතරයක්ද කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ද බහුතරයද සජිත් පේ‍්‍රමදාස මහතාට පක්‍ෂපාතී බව ඔවුනගේ ගණන බැලීමයි.

මෙම තත්ත්වය මත සජිත් ප්‍රේමදාස මහතාට යම් හෙයකින් අපේක්ෂකත්වය නොදුනහොත් වෙනත් කණ්ඩායම් හෝ පක්‍ෂ එක් කර ගනිමින් වෙනම කණ්ඩායමක් ලෙස ජනාධිපතිවරණවට ඉදිරිපත් විය යුතු බවටද සාකච්චා වෙමින් තිබේ.

මේ සම්බන්ධයෙන් ඉදිරි දින වලදී සජිත් ප්‍රේමදාස මහතා සමඟ නිශ්චිත තීරණාත්මක සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වීමට හෝ ඉවත් කල හැකි කිසිදු කටයුත්තක නොයෙදිය යුතු බවද මෙම පිරිසේ අදහසයි.

නමුත් මේ වන විටත් පක්‍ෂයේ සියළු බල ව්‍යුහයන්ගේ බහුතර බලය සතු නිසා ජනාධිපති අපේක්‍ෂකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබෙනු ඇති බවට ඔවුන් දැඩිව විශ්වාසයෙන් සිටිති.

79 views

16 Comments to “සජිත් පිල ගල උඩ සටනට සූදානම්.. එජාපයෙන් අපේක්‍ෂකත්වය නැතොත් විකල්ප පිලකින් ජනාධිපතිවරණට…?”

  1. Bold Citizen says:

    If Sajith becomes the presidential candidate there will be a huge revival of downtrodden people of this country with a massive wave of support for their own beloved leader..

  2. Pal says:

    They are talking about an alternative front..
    This is the link between Sorysena and Usamity dasa…

    SLFP buggers keep on postponing the discussion until they get this discussion.

    SLFP VAHALLU

  3. Suduhakuru Aladin says:

    අගමැති කම දුන්විට බාරනොගත් මේ කහ-කුක්කා (Yellow) දැන් ජනාධිපති වෙන්ට දඟලන එක පිළිකුල් සහගතය. මුගේ වන්සයේ මොකක් හෝ දෝශයක් ඇත. මුත්තා වැඩකල ගල තවම බලපිටියේ තිබේ.

    • 77 UNP says:

      බලපිටියේ පියගම කියා එකක් තිබේ. ඒ අසලදී මීට වසර 25-30 කට පමණ පෙර ගමේ වයෝවෘද්ධ අයකු මට මුණ ගැසුණි. එවිට මම ඔහුගෙන් විමසුවේ සීයේ (එදා මම තරුණයි) ඇත්තටම මේක ප්‍රේමදාස මහත්තයාගේ මහගෙදරද කියාය. ඔහුගේ පිළිතුර වුයේ “මහත්තයෝ අපි දන්නවා අතීතේ, මේක මේ ලඟදි සල්ලිවලට අරන් රෙපයාර් කලා. ඉස්සර උන් හිටපු ගේ මෙහෙම එකක් නෙවෙයි. ඇත්තම කියනවනම් ඒ ගෙයි පිටිපස්සේ දොර රෑට වහන්නේ නැහැ.” මට ඇතිවුවේ කුතුහලයකි. ඇයි සීයේ ඒ. මගේ ප්‍රශ්නයට ලැබුනේ උත්තරයක් පමණක් නොවේ ප්‍රශ්නයකි. ” ඕක තේරෙන්නේ නැත්ද? රෑට ගමේ මිනිස්සු කොච්චරවත් පස්සේ දොරෙන් ගෙට රිංගනවා” ඔන්න ඉතිහාසේ.

  4. Kumar says:

    very good please go with all “Sirasa” agents.
    That is good for the country.

  5. Angoda Buva says:

    ඔබට පිට කොන්දක් ඇතී බව පෙන්වීමට කදිම අවස්ථාවකි.

    නොබියව තීරණ ගන්න. අප සැමදා ඔඹ සමඟයි.

    ජය වේවා….

  6. UNP-GALIBBA says:

    වැටට අමුඩෙ තියලා ඇඳා වගේ වැඩක් ගොයියෝ??

  7. sunimal says:

    මෙදා පාර මුන්ට ඇපත් නැහැ

  8. Ape Arachchi says:

    හුරේ …හුරේ … UNP එකේ සිටින කොන්දක් සහිත එකම පුද්ගලයා ඔබ බව පෙන්වන්න….

  9. rosh says:

    ගලපිට උඩ සටන කෙසේ වෙතත් නිධන්දාස ගල උඩ රීපු බළලෙක් වෙන එකනම් ෂුවර්….L

  10. john the baptist says:

    ලංකාවෙ O/L වත් පාස්නැති අපේක්ෂකයො එපා!

    අපිට ඕනෑ දිනන්ඩ පුලුවන් රාජිත හෝ කිරිඇල්ල වගේ එඩිතර  අපේක්ෂකයෙක්!

Main News