සජිත් පිල ගල උඩ සටනට සූදානම්.. එජාපයෙන් අපේක්‍ෂකත්වය නැතොත් විකල්ප පිලකින් ජනාධිපතිවරණට…?

July 28, 2019 at 9:20 am | lanka C news
සජිත් පිල ගල උඩ සටනට සූදානම්.. එජාපයෙන් අපේක්‍ෂකත්වය නැතොත් විකල්ප පිලකින් ජනාධිපතිවරණට…?

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකත්වය නොලදහොත් විකල්ප පියවරකට යා යුතු බව එම පක්ෂයේ සජිත් හිතවාදී මැති ඇමති පිරිසක් සාකච්ඡා කරමින් සිටිති.

දැනටමත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ මන්ත‍්‍රීවරුන් බහුතරයක්ද කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ද බහුතරයද සජිත් පේ‍්‍රමදාස මහතාට පක්‍ෂපාතී බව ඔවුනගේ ගණන බැලීමයි.

මෙම තත්ත්වය මත සජිත් ප්‍රේමදාස මහතාට යම් හෙයකින් අපේක්ෂකත්වය නොදුනහොත් වෙනත් කණ්ඩායම් හෝ පක්‍ෂ එක් කර ගනිමින් වෙනම කණ්ඩායමක් ලෙස ජනාධිපතිවරණවට ඉදිරිපත් විය යුතු බවටද සාකච්චා වෙමින් තිබේ.

මේ සම්බන්ධයෙන් ඉදිරි දින වලදී සජිත් ප්‍රේමදාස මහතා සමඟ නිශ්චිත තීරණාත්මක සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වීමට හෝ ඉවත් කල හැකි කිසිදු කටයුත්තක නොයෙදිය යුතු බවද මෙම පිරිසේ අදහසයි.

නමුත් මේ වන විටත් පක්‍ෂයේ සියළු බල ව්‍යුහයන්ගේ බහුතර බලය සතු නිසා ජනාධිපති අපේක්‍ෂකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබෙනු ඇති බවට ඔවුන් දැඩිව විශ්වාසයෙන් සිටිති.

71 views

16 Comments to “සජිත් පිල ගල උඩ සටනට සූදානම්.. එජාපයෙන් අපේක්‍ෂකත්වය නැතොත් විකල්ප පිලකින් ජනාධිපතිවරණට…?”

  1. Kumari says:

    සජිත් අපිට ඔයත් එක්ක පුද්ගලික අමනාපයක් නැහැ. රටේ නායකත්වයට ඔය තාමත් ලාමක වැඩියි. තව ටික කාලයක් ඉවසගෙන තවත් අත්දැකීම් ලබාගන්න මහන්සිගන්න.

    ඔබේ වල කපා ගත්තේ ඔබ විසින්මයි. UNP චන්දවලින් ජනාධිපතිවරණය දිනා UNP යටම ද්‍රෝහී වූ මයිත්‍රීපලත් සමග ඩීල් දමාගෙන ගනුදෙනු කිරීම පිළිකුල් සහගතයි. UNP අපිට නම් පෙන්නේ ඔබත් මයිත්රීපාල වැනි පාවදෙන්නෙකු ලෙසටයි. එපමණකින් නොනැවතී UNP පරම සත්රෙකු වූ කිළී මහාරාජා හා සිරස නාලිකාව සමග ඩීල් දැමීමම කෙතරම් අනුවන කමක්ද? ඔබ දිනුවත් (අහම්බයකින්) කිළී මහාරාජා ඔබට කවදාවත් නිදහසේ රට පාලනය කිරීමට ඉඩ නොදෙනු ඇත.

    එනිසා හොඳම දේ ඉවසීම පුරුදු කර ගන්න. තව තවත් අත්දැකීම් ලබාගෙන පොරපිටියට අවතීර්ණ වන්න.

  2. THILAK says:

    HE SAYS HE FOLLOWS FATHERS POLICY’S AND FOOT STEPS THEN CAREFUL YOUNG GENERATION MORE THAN 60000 THOUSAND SENT TO HAVEN BY HIS FATHER, ANURA DISSANAYA/VIJITHA HERATH WILL GIVE EVIDENCE TO THIS

  3. one shot says:

    අපොස සාපෙ සමත් කිසිවෙකු ගල් හා සටන් කර පළපුරුදු රනිල් සමග ගල් ගසා ගන්නට යන්නේද නැත​.ඕනෑම රළු ගලක් මේ තරම් සියුමැලිද කියා අසන්නට හැකි එකම තැනැත්තා රනිල් බව දන්නෝ දනිති.සජිත් රනිල් හා ගල උඩ සටන් කරන්නට යෑම සියතින් ගෙල සිඳ ගැනීමකි.

  4. charles says:

    Ranil will never let Sajith become UNP leader as long as Ranil is healthy enough to run the party.

Main News