සජිත් පිල දෙකඩයි.. සජිත් පිලේ බහුතරය කරූ ඉල්ලයි.. සජිත්ගේ 58න් 31ක් කරුට සෙට්වෙයි..

December 14, 2019 at 3:00 pm | lanka C news
සජිත් පිල දෙකඩයි.. සජිත් පිලේ බහුතරය කරූ ඉල්ලයි.. සජිත්ගේ 58න් 31ක් කරුට සෙට්වෙයි..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාට සහයෝගය පළ කළ මන්ත්‍රීවරුන් කණ්ඩායම දෙකඩ වී එක්සත් ජාතික පක්ෂයට නායකත්ව මණ්ඩලයක් පිහිටුවා කථානායක කරු ජයසූරිය එහි ප්‍රධානියා බවට පත් කිරීමට යෝජනා කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට මන්ත්‍රීවරුන් 58 දෙනකු පමණ ජනාධිපතිවරණයේදී සෘජුව සහාය දක්වන ලදී. එම සංඛ්‍යාව මේ වනවිට 27 දක්වා අඩුවී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂ නායකත්වයට පත් කළ යුතු බවට වූ යෝජනාවට අත්සන් කර ඇත්තේ මන්ත්‍රීවරුන් 27 දෙනකු පමණි. එම යෝජනාව සම්මත කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය වහාම කැඳවන ලෙස ඉල්ලා මෙම මන්ත්‍රීවරුන් 27 දෙනා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට සිකුරාදා (13දා) ලිපියක් යොමුකර ඇත.

එහෙත් එක්සත් ජාතික පක්ෂයට නායකත්ව මණ්ඩලයක් පිහිටුවා එහි ප්‍රධානී තනතුර කථානායක කරු ජයසූරියට ලබාදිය යුතු බවට වූ යෝජනාවක් සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදුන් මන්ත්‍රීවරුන් 20ක් පමණ එකතුව මේ වන විට ඉදිරිපත් කර ඇත. මෙම මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිකුරාදා (13දා) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පත්කළ සය සාමාජික කමිටුවෙන් තලතා අතුකෝරල සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මන්ත්‍රීවරුන් පසුගිය බ්‍රහස්පතින්දා (12වැනිදා) ඉල්ලා අස්වූහ.

– aruna

136 views

4 Comments to “සජිත් පිල දෙකඩයි.. සජිත් පිලේ බහුතරය කරූ ඉල්ලයි.. සජිත්ගේ 58න් 31ක් කරුට සෙට්වෙයි..”

  1. බන්ඩා says:

    සිරිසේන ශ්‍රිලනිප නන්නත්තාර කල. රනිල් එජාපය විජාතික කරනය කලා.

    • Nawum Mawatha says:

      We support Karu Jaysooriya. He’s an educated man who had delivered results and shown what he’s made of during the constitutional disaster. There are no brains behind Sajiths fraction Sajith himself knows it and that’s why he’s not so keen becoming the leader of the party. After all he will have to run a country one day if elected and he knows he cannot do it with the lot who supports him.
      Champika for presidency 2025
      Navin for premiership 2025

      • hila says:

        2025 මෝඩ චූන්. හිරිකොතට සර්පයෙක් රිංගලා. සුදු රෙද්දක් අස්සෙ ඉන්න හීන්දෑරි දිග එකෙක්.

      • Nishantha says:

        Waradi karala hire giya ekekta janadipathi wenna ba neda?
        Kaum mawatha umbata mole nadda?

Main News