සජිත් පිල නොකවුට් කරමින් රනිල් කොල අදී.. අලුත් සාමාජිකයන් 30ක් පත් කර ජනාධිපති අපේක්‍ෂක කෘත්‍යාධිකාරියෙන් තෝරයි… පූර්ණ ව්‍යවස්ථානුකූලයි..

September 19, 2019 at 10:40 am | lanka C news
සජිත් පිල නොකවුට් කරමින් රනිල් කොල අදී.. අලුත් සාමාජිකයන් 30ක් පත් කර ජනාධිපති අපේක්‍ෂක කෘත්‍යාධිකාරියෙන් තෝරයි… පූර්ණ ව්‍යවස්ථානුකූලයි..

නොවැම්බර් මස 16 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීම ගැසට් කිරීමත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

ඒ පිලිබදව සාකච්ඡා කිරීම සඳහා අද දිනයේ එජාප අරලියගහ මන්දිරයට කැඳවා ඇත.

ඉතා ඉක්මනින් පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ කැඳවනු ඇති බවත් එම දිනය අද පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණය කරනු ඇති බවත් එජාපයේ ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ ය.

ඔහු තවදුරටත් කියා සිටියේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගත යුත්තේ එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් බවත් පාර්ලිමේන්තු කණ්ඩායමේ මතය විමසීම අවශ්‍ය නැති බවත්ය.

ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එජාප ජ්‍යෙෂ්ඨයෝ ඊයේ මැදියම් රැය ආසන්න වන තෙක් අරලියගහ මන්දිරයේ දී විශේෂ සාකච්ඡාවක යෙදී තිබේ.

මේ අතර වාර්තා වන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පුරප්පාඩු වී සිටින සාමාජික පිරිස වහා පත් කිරීමටද සාකච්චා වී ඇති බවයි.

පක්‍ෂ ව්‍යවස්ථාව අනුව කෘත්‍යාධිකාරි මණ්ඩලය සාමාජිකයන් 90ට වඩා වැඩි විය යුතු වුවද මේ වන විට සිටින්නේ 63 දෙනෙකු පමණි.

පක්‍ෂ නායකයාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලය මත සෙසු සාමාජිකයන් පත් කල හැක.

49,274 Viewers

4 Comments to “සජිත් පිල නොකවුට් කරමින් රනිල් කොල අදී.. අලුත් සාමාජිකයන් 30ක් පත් කර ජනාධිපති අපේක්‍ෂක කෘත්‍යාධිකාරියෙන් තෝරයි… පූර්ණ ව්‍යවස්ථානුකූලයි..”

  1. පොරමෝලා says:

    පක්ෂය තුල කබරගොයි තලගොයි කර බුදීමේ න්‍යායට අනුව යමින් ව්‍යවස්ථා ජිල් මාට් දමමින් ප්‍රජාතන්ත්‍රවාදය තුට්ටුවකට වත් මායිම් නොකරන රනිල් ගොයියාට රටගියොත් කොහොම හිටීවිද ?

  2. Hoo N P Kaaraya says:

    Real dictator and cunning fox! Nobody can challenge him!

  3. john the baptice says:

    රනිල් ගිනිස් පොතට යන්න මෙය හොද අවස්ථාවක් කරගෙන ජනාදිපති තරගයට පත් කර ගමු අන්තිම පරාජය නිසා

Main News