සජිත් පිල මංගලගේ නිවසේ කදවුරු බදී.. සජිත්ම ඉල්ලා 2/3ක් අත්සන් තබා ඉල්ලති.. එජාප ප‍්‍රබලයෝත් ඒ අතරයි..

August 29, 2019 at 1:20 pm | lanka C news
සජිත් පිල මංගලගේ නිවසේ කදවුරු බදී.. සජිත්ම ඉල්ලා 2/3ක් අත්සන් තබා ඉල්ලති.. එජාප ප‍්‍රබලයෝත් ඒ අතරයි..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය එම පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම යුතු බවට සජිත් පිලේ මැති-ඇමති පිරිස විසින් ලිපියකට අත්සන් ලබා ගනිමින් සිටී.

එම කටයුත්ත බාරගෙන සිදු කරමින් සිටින්නේ කැබිනට් නොවන ඇමති අජිත් පී පෙරේරා මහතා විසිනි.

එජාප කැරලිකාර කණ්ඩායම මෙම තීරණයට එළැඹ ඇත්තේ ඊයේ රාත්‍රියේ ඇමැති මංගල සමරවීර මහතාගේ නිවසේදී පැවැති රාත‍්‍රි භෝජන සංග‍්‍රහයේදීය.

ඊයේ රාත්‍රියේ පැවති මෙම හමුව සඳහා සජිත් පිලේ මන්ත්‍රීවරුන් 33 දෙනෙකු සහභාගී වී ඇත.

සජිත් පේ‍්‍රමදාස මහතා අපේක්ෂකත්වයට පත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් 2/3ක අත්සන් ලේඛනයක් අගමැතිවරයාට යොමු කිරීමට එම පිරිස බලාපොරොත්තු වෙයි.

එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 106 දෙනෙකු පාර්ලිමේන්තුවේ සිටිය ද ඉන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සිටින්නේ 77 දැන් පමණි.

අදාල ලේඛනය සඳහා දැනටමත් මන්ත්‍රීවරුන් 31 දෙනෙකු අත්සන් තබා ඇති බවද වාර්තා වෙයි.

47 views

14 Comments to “සජිත් පිල මංගලගේ නිවසේ කදවුරු බදී.. සජිත්ම ඉල්ලා 2/3ක් අත්සන් තබා ඉල්ලති.. එජාප ප‍්‍රබලයෝත් ඒ අතරයි..”

  1. sw says:

    වැඩක් නෑ .ඕකුන්ම පස්සේ අත්සන් ඉල්ලා අස්කරගන්නවා .බාර් පර්මිට් ගන්නකන් විතරයි වලංගු .

  2. Bold Citizen says:

    They should prepare the “PLAN-B” as well to field Sajith as an independent candidate just in case “the dictator at the helm” becomes successful in blocking Sajith..

  3. නිළමේ says:

    මෙයාල හිතන් ඇති සජිත් තමයි එකම තුරුම්පුව කියල. කණගාටුයි රටේ බුද්ධිමත් ජනතාව ගෝටාභය තෝරල අවසානයි.

    • kalu thara says:

      කලබල නොවී හිටපන්කො නිලමේ ……….
      ගෝටට නැති කලබලයක්නේ නිලමෙලා සෙට් එකට තියෙන්නෙ

      • කිරිහොඳා says:

        නිලමේ උන්නැහේ සම්පූර්ණ ඇත්ත කියල තියෙන්නෙ, කිසිම කලබලයකින් තොරව.

        ඒ තමයි මෙරටේ බහුතරයකගේ කැමැත්ත!

    • රන්බණ්ඩා says:

      අනේ නිළමෙ අයියෙ, රටේ ජනතාව ඔක්කොම බුද්ධිමත් නං මෙහෙව් සංතෑසියක් අපට වෙන්නෙ නැහැනෙ බොලං.
      ඒ මොනා උනත් මාත් අයියගෙ කියමනත් එක්ක එකඟයි.
      ඒ වෙන එකක් හින්දා නෙවෙයි, ජනතාව ගෝඨාභයගෙ තේරීම සිද්ධ කොරන්නෙ එතුමාගෙන් අවම හානියකින් රටට වැඩක් ඉදිරියේදි කෙරෙයි කියන බලාපොරොත්තුවෙනුයි කියලයි මං හිතන්නෙ.

  4. සිංහලයා says:

    උඹලා ඔය මොන ගේම ගැහුවත් වැඩක් නෑ.දිනන්නේ ගෝඨා.ඒක මතක තියාගනිල්ලා

  5. Kadiya says:

    අන්තිමට ජනාධිපති මන්ත්‍රීවරුන්ගේ ප්‍රාණඇපකාරයෙක් වෙනවා. නමුත් සජිත්ට ඒක ප්‍රශ්නයක් නොවේ. ඔහුට ඕන නිධානයක් ගොඩ දමාගෙන, යාල සංචාරයක් දාල ආතල් එකේ ඉන්න විතරයි. හිටපු ගමන් ගිහිල්ලා විවෘතකිරීමක් කරන්නයි විතරයි. මංගල ඩයස්පෝරාවට ඕන විධියට රට පාලනය කරනවා. නමුත් රටේ වාසනාවට ඔහු නියතවශයෙන්ම පරාද වෙනවා.

    • Rata Wenuwen says:

      අවමන්ගලගේ සමනල පක්ෂය රනිලගෙන් බලය උදුරාගන්නයි ලැස්තිය, ඉදිරියේදි කුරුඳු පොලුත් කෙලින් වෙයි, අවමන්ගලයගෙ ගෙදර රාත්‍රිකාලයේ ඒවා පොලිශ් වෙනවලු

  6. wije says:

    The ordinary supporters of the UNP are unfortunate lot of the country. That is why they are after Sajith who builds castles in the air. The world has changed a lot and to meet the challenges of new world there should be a leader who lives in the future. The ignorant lot of the UNP attempts to take entire nation to the past with their self appointed childish leader.

  7. Nish says:

    යූන්පී පක්ශ අර්බුදය නිසා දැන් හැමදාම කාගේ හරි ගෙදරක රාත්‍රී ආහාර බෝජන සන්ග්‍රහ. මුන්ට කොහෙන්ද මෙච්චර සල්ලි?

  8. Ranilta api kamati nha,aaath sajit pilay ennnay BURUO / Ranil piley enney NARIO, ethin ape oya dennatama kamati nha.

  9. බොරු ගොං පාට් නවත්තගන්නෙ නැත්නම් කට්ටියම එෆ් සී අයි ඩී යන්න ලෑස්ති වෙන්න..‍රනිල් ලග ඔක්කොම ෆයිල් තියෙනවා..

Main News