සජිත් පිල යක්‍ෂාරූඩ වේ.. රනිල් ඉල්ලුවොත් පරාජය කරවන බව කියයි.. සතියකින් පසු විකල්පයක් කරන බවත් දන්වයි..

August 19, 2019 at 10:32 pm | lanka C news
සජිත් පිල යක්‍ෂාරූඩ වේ.. රනිල් ඉල්ලුවොත් පරාජය කරවන බව කියයි.. සතියකින් පසු විකල්පයක් කරන බවත් දන්වයි..

ඉදිරි ජනාධිපතිවරණය සදහා තරග වදින අපේක්‍ෂකයා තෝරා ගැනීම සදහා අභ්‍යන්තර ඡන්ද විමසීමක් පවත්වන්යැයි එම පක්‍ෂ මන්ත‍්‍රීවරුන් 55 දෙනෙකුගේ අත්සන් සහිත ලේකණයක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත බාර දී ඇත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන් අතර මෙම ඡන්ද විමසීම පැවැත්විය යුතු යයි ඔවුන් යෝජනා කර ඇත.

මෙම යෝජනාව අගමැතිවරයා වෙත බාර දී ඇත්තේ ඇමතිවරුන් වන කබීර් හෂීම් හා රංජිත් මද්දුම බණ්ඩාර විසිනි.

දින හතක් ඇතුලත මේ සදහා කටයුතු කරන ලෙස අගමැතිවරයාට දැන්වූ බවත් එසේ නොකලහොත් තම කණ්ඩායම විසින් විකල්ප ක‍්‍රියාමාර්ග ගන්නා බවත් ඇමති අජිත් පී පෙරේරා මහතා සදහන් කලේය.

යම් ලෙසකින් රනිල් වික‍්‍රමසිංහ මහතාම ජනාධිපතිවරණ අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වීමට උත්සාහ කලහොත් එම උත්සාහය පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේදී හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පරාජය කරන බවද ඔහු පැවසීය.

61 views
Main News