සජිත් පිල වියරුවෙන්.. රට පුරා පෝස්ටර්.. සුගතදාසය වටලන්න සැරසේ.. බිය වූ රනිල් පිල නව සන්ධාන උත්සවය අවලංගු කරයි..

August 4, 2019 at 9:20 am | lanka C news
සජිත් පිල වියරුවෙන්.. රට පුරා පෝස්ටර්.. සුගතදාසය වටලන්න සැරසේ.. බිය වූ රනිල් පිල නව සන්ධාන උත්සවය අවලංගු කරයි..

එක්සත් ජාතික පක්ෂ විසින් හෙට දිවියේ කොළඹදී පැවැත්වීමට සූදානම් කර තිබූ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය බිහි කිරීමේ උත්සවය අවලංගු කර තිබේ.

සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර පළාත් පාලන මන්ත්‍රීවරුන් කිසිවකුට එහි නො පැමිණෙන ලෙස දන්වා තිබිණි.

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට පක්‍ෂපාතී ඇතැම් මන්ත්‍රීවරුන්ටද ආරාධනාවක් නොලැබුණු බව ඔවුහු සඳහන් කළහ.

කෙසේ වෙතත් එය නොතකා හෙට දිනයේ පාක්ෂිකයින් එම ස්ථානය වටා ඒකරාශී කිරීමට සජිත් ප්‍රේමදාස පාර්ශවය කටයුතු කරමින් තිබිණි.

මෙම තත්වය මත එම උත්සවය කල් දැමීමට සංවිධායකයන් විසින් තීරණය කර ඇත.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙස ඉල්ලමින් රටපුරා බොහෝ ස්ථානයන්හි පෝස්ටර් ඇලවීම පාර්ශවයද කටයුතු කර ඇත.

68 views

26 Comments to “සජිත් පිල වියරුවෙන්.. රට පුරා පෝස්ටර්.. සුගතදාසය වටලන්න සැරසේ.. බිය වූ රනිල් පිල නව සන්ධාන උත්සවය අවලංගු කරයි..”

  1. Nawodhi says:

    If foolish Sajith comes Sri Lanka will become blood bath and Fools running country. Many killing likewise his farther public funds will waste for may useless thing with kid’s mentality.

  2. ඕෂධ says:

    සජිත් මැතිතුමනී අපි ඔබ සමගයි..රනිල්ව මාරගෙන මැරෙන්ඩ හරි අපි ඔබ සමග එනවා..

  3. kishan says:

    As per the idiom birds of feather flock together , stupid Idiots gather around Sajith the brainless idiot who will further damage the country.