සජිත් පේමදාස ඇමතිකමෙන් ඉල්ලා අස්වේ..?

January 17, 2017 at 10:35 pm | lanka C news
සජිත් පේමදාස ඇමතිකමෙන් ඉල්ලා අස්වේ..?

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා තමන් දරනු ලබන නිවාස ඉදිකිරීම්, ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී කියා සිටි බව අන්තර්ජාල පුවත් අඩවි ගණනාවක් වාර්තා කරයි.

ඇමතිවරයාගේ අමාත්‍යංශයට අයවැයෙන් වෙන් කර තිබූ රුපියල් බිලියන හයන මුදලක් ඉවත් කර පලනී දිගම්බරම් සහ ස්වාමිනාදන් යන අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශවලට ලබාදීමට විරෝධය පල කරමින් මෙම තීරණය ඇමතිවරයා විසින් ගන්නා බව දන්වා ඇත.

ඇමති පේ‍්‍රමදාස තව දුරටත් සදහන් කර ඇත්තේ මෙම ගැටළුව විසදීමට ඇති එකම ක‍්‍රමය වන්නේ රුපියල් මිලියන 6000ක මුදල් ප්‍රතිපාදන ආපසු තම අමාත්‍යංශයට ලබාදීමට නියෝග කිරීමෙන් පමණක් නිසා එසේ සිදු කරන ලෙසද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබේ.

ජනාධිපතිවරයා එසේ නොකරන්නේ නම් මීළඟ කැබිනට් හමුවට පෙර තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බවද ඇමතිවරයා වැඩි දුරටත් පවසා ඇතැයි එම වාර්තාවන්හි දැක්වෙයි.

117 views

19 Comments to “සජිත් පේමදාස ඇමතිකමෙන් ඉල්ලා අස්වේ..?”

  1. Gihan says:

    රට පාවලා දෙද්දී අස් නොවුන එකා බිලියන 6ට පෙරේත කමට ඇමති කමෙන් අයින් වෙනවලු.

    • Hansaya says:

      ඇමති රස්සවෙන් අයින් උනාට පස්සෙ මූට දෙන්ඩ හොඳ කම්කරු ද සෙක්‍යුරිටි ද ?

  2. Gotaimbara says:

    You idiot Sinhalese Buddhist, at last you realised that Anglican Ranil does not want us.

  3. De Silva says:

    ඔබ බලාපොරොත්තු වන එජාපයේ නායකත්වය ඔබට ලැබෙන්න නම් මුලින්ම එජාපයක් තියෙන්න ඕන.රනිල අපට රට නැති කරනව වගේම ඔබ නායකය වෙන්න ඉන්න එජාපය සදහටම වලලනව.රනිලට කියන්නෙ මහ උද්දච්ච මෝඩයෙක්,රනිලට ඇති මොලයක් නැහැ.රනිලට ජනතාව එරෙහි වගේම දැන් එජාපයටත් ජනතාව එරෙහි බව සමූපකාර චන්ද ප්‍රතිපල වලින් තේරුම් ගන්න.පලාත් පාලන චන්දය පවැත්වූ විට එජාපයේ රාජධානියක් වූ කොළඹ මහ නගර සභාවත් මෙවර එජාපයට අහිමි වෙනව.අපේ රටේ දැන් ජනතාව බොහොම උගත්.ඕනාම ගමක දැන් දොස්තරවරු,ඉන්ජිනේරුවො, නීතිඥයො,….. වගේම මේ ක්ෂෙස්ත්‍ර වල ආචාර්ය මහාචාර්ය උපාධි දාරීන් ඉන්නව.ඉස්සර වගේ බෝක්කු පාලුවො නැහැ දැන් ගම් වල.ඉස්සර මගේ ගමෙන් ගාල්ලෙ රිච්මන්, මහින්ද,ඇලෝසියස් සංගමිත්තා, සවුත්ලන්ඩ් පාසැල් වලට ගියේ ලමයි දෙතුන් දෙනයි.අද බැලුවොත් උදේට වැල නොකැඩී ගාල්ලෙ නගරයේ පාසැල් වලට ලමුන් දෙතුන් සීයක් යනව.ඒ නිසා මේ පාදඩ ආන්ඩුවට ජනතාව රවටන්න බැහැ.චන්ද නොතිබ්බොත් පිලිපීනයේ මාකෝස්ල පන්නා දැමූ ආකාරයට උනත් මේ පරයො පන්නා දමන්න ජනතාව පසු බට වෙන එකක් නැහැ.චන්ද තිබ්බොත් ඇපත් නැති වෙනව.බල්ලෙකුට කලිසමක් අන්දවා පුටුවක වාඩි නොකළ යුතුයි කියන පාඩම අද ජනතාව හොඳට ඉගෙන ගෙන තියෙනව.
    ඇමති කමෙන් අස්වුව හොත් ඔබට ජයෙන් ජය.
    අමතක කරන්න එපා එජාපයෙන් ඉවත් වී රාජාලියා පක්ෂ පිහිටුවා ගත් ගාමිනී දිසානායක ශ්‍රීමතාණන් ඔබේ පියාගේ අවෑමෙන් නැවතත් එජාපයට පැමිණ රනිලගෙ පස්ස බිම අන්නවා, එජාපයේ ජනාධිපති අපේක්ෂකයා වූ බවත් සිරිසේනම කියන පරිදි එජාපයේම අයගේ කුමන්ත්‍රණයක් නිසා ගාමිනී දිසානායක මැතිතුමා කොටි විසින් ඝාතනය කරන ලද බවත්.

  4. suji says:

    ඔව් හලෝ ඕකෙන් වැඩක් නෑ.ඕක අල්ලල දාලා ෆුල් ටයිම් නිධන් හාරන්න බහින්න

    • hansageethaya says:

      නියම කතාව හලෝ! මට හිනාව නවත්තගන්න බැරිව ගියා. මේ පුබ්බඩයා මේ ආත්මෙදි රටේ නායකයෙක් වෙන්නෑ.

  5. රාහුල කොලුවා says:

    එච්චර කොන්දක් මෙයාට තියෙනව නං මොනව කරන්න බැරිද…

  6. රටවැසියා says:

    මිටි හින්ද කම්කරු තමයි මෙයාට දෙන්න වෙන්නෙ

  7. porolis says:

    burana ballo sapaa nokyi. kana ballo burnneth naha.

  8. shantha says:

    mekage boru

  9. KGB says:

    These are just dramas, This SAJITH is a real fool & idiot.

    These things are not matters to us.

  10. nanayakkara says:

    ඇමති කමෙන් ඉවත් වී කෝප්ප+ක්‍රෝටන් කොළ සහ කොස් කොළ කඩා ඉල්ලංකාවේ 62% ක් ඉන්න කකුල් දෙකේ බූරුවන්ට රු.2/= ක ගානේ වික්කත් දවසට රු.එක්කොටි විසි හතර ලක්ෂයක් හොයා ගන්න පුළුවන් මතක් කරලා අස් වෙන කොට ඉහත වෙළදාමට එකාධිකාරී බලපත්‍රයක් ගන්න හොදේ.මොකද නිදන් හෑරුවා වගේ මේවා හොරෙන් කරන්න බෑනේ.

    • සිරිසේනලාගේ සජිත් says:

      මරු කතාව මචෝ! කාලෙකින් ඇහුවෙ නෑ මේ වගේ කියමනක්.

Main News