සජිත් පේ‍්‍රමදාසට විරුද්දව විනය ක‍්‍රියාමාර්ග.. එජාප ව්‍යවස්ථාව කැඩූ බවට චෝදනා..

September 16, 2019 at 10:33 pm | lanka C news
සජිත් පේ‍්‍රමදාසට විරුද්දව විනය ක‍්‍රියාමාර්ග.. එජාප ව්‍යවස්ථාව කැඩූ බවට චෝදනා..

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර සාකච්ඡාවක් සිදුවන බව එජාප ප‍්‍රබලයෙක් කියා සිටියේය.

ජනාධිපතිවරණය අපේක්ෂකයා නම් කලයුතු ක්‍රමවේදය පක්ෂ ව්‍යවස්ථාව තුල පැහැදිලිව තිබියදී සජිත් ප්‍රේමදාස මහතා තමන් ජනාධිපති අපේක්ෂකයා යැයි කියමින් රට පුරා ස්ථානවල පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය වන ආකාරයෙන් හැසිරීම ගැන මෙම පරීක්ෂණ පැවැත්විය යුතු බව ඔවුන්ගේ අදහසයි.

ජනාධිපතිවරණයක් කැඳවීමෙන් පසු කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් නම් කරන කමිටුවක් මගින් ජනාධිපති අපේක්ෂකයා නිර්දේශ කළ යුතු බව සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකලාපය ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නක් බවත් ඔවුන් පෙන්වාදී ඇත.

මේ අනුව ඉතා නුදුරේදීම සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩකඩක් ඇති බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කර සිටී.

26,074 Viewers

8 Comments to “සජිත් පේ‍්‍රමදාසට විරුද්දව විනය ක‍්‍රියාමාර්ග.. එජාප ව්‍යවස්ථාව කැඩූ බවට චෝදනා..”

  1. CHAMI says:

    fonsekata ,sirisenata denakota ranil saha golayo tetamuwema ne
    eda fonseka dinuwanan wede balaganda tibun

  2. RW says:

    අනේ යන්න . අපේ රටේ ඔහොම පරීක්ෂණයක් කරන්න පියවර ගත්ත එක අවස්තාවක් කියන්න. අපේ රටේ කොහෙද විනයක් තියෙන්නේ.

    • Rata Wenuwen says:

      සජියෝ ඔහේ පක්ශේ විනය කාබාසිනියා කරලා, කොහෙද ඉතින් විනය තකාගෙන නේ ඉන්නේ. ගහගනිය නැට්ට පුකේ නැත්නම් රනියා වැඩැක් දෙයි

  3. මංසුදනා says:

    සජිත්ගේ මොළේ ටිකක් පරීක්ෂාකරන්න වෙයි. පව් අහිංසකයා.

  4. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Viinaya pareeksana tiyala paksayen iwath karala daanna one.mole kalandak nethy ekek Janadipathy karanne Mona kengediyakatada?

  5. SLCommunity says:

    Ethakota bankuwa kadapu ekada me anith eunge waradi walata punishment denna yanne? ha ha ha…. Engalanthe ehema unath lankawe ehema wenne na… Lankawe ape lankawee… Gon aathal dedee me rate minissunta boru kiyana kiya rate sampath hurragena kaawa neda thopi okkoma ekathu wela? Thopi okkoma inna oni kuuduwe yako. Ubala 225ma kamba horu. Kuuduwe inna oni eun okkoma eliye.

  6. ubb says:

    sajiyawa awissuwe my3,ranilagen pali ganna.

  7. වෙබ් බුවා says:

    නායකය බැංකු කඩනකොට ,සමනලුන්ගේ ෆුට් වෑල්ව් කඩනකොට උප නායකයො විනය කඩන එක අහන්න දෙයක්ද

Main News