EXCLUSIVE : සජිත් පේ‍්‍රමදාස ජනාධිපති අපේක්‍ෂක කිරීමට අගමැති රනිල් එකග වේ.. පක්‍ෂ නායකයන්ද අනුමතයි.. ලිඛිත පොරොන්දු දෙන කොන්දේසි 03 මෙන්න..

September 24, 2019 at 10:01 pm | lanka C news
EXCLUSIVE : සජිත් පේ‍්‍රමදාස ජනාධිපති අපේක්‍ෂක කිරීමට අගමැති රනිල් එකග වේ.. පක්‍ෂ නායකයන්ද අනුමතයි.. ලිඛිත පොරොන්දු දෙන කොන්දේසි 03 මෙන්න..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය නියෝජ්‍ය ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීන්දු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග වාර්තා කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්‍ෂයේ ජ්‍යෙඨෂ්ඨයන්ගේ හමුවක දී මෙම තීන්දුව ඒකමතිකව ගෙන ඇති බව වාර්තා වේ.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමට නම් මූලික වශයෙන් ප්‍රධාන කොන්දේසි තුනකට එකඟවීම යුතු බවද සඳහන් කර තිබේ.

  1. විධායක ජනාධිපති වී මාස හයක් ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම
  2. බලය බෙදීම
  3. රනිල් වික්‍රමසිංහ මහතා මීලග ආණ්ඩුවේද අගමැති ධුරයට පත් කිරීම

මෙම සියලු කොන්දේසිවලට එකඟ තාවයක් ලිඛිතව ලබාදිය යුතු බවද දන්වා තිබේ. නමුත් මෙම යෝජනාවලට ලිඛිත එකඟතාවය පළකිරීමට සජිත් ප්‍රේමදාස මහතා මේ වන තෙක් ප්‍රතිචාරයක් දක්වා නැති ඇති බවද වාර්තා වෙයි.

මේ තත්වය මත පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී ඡන්ද විමසීමකට නොගොස් ජනාධිපති අපේක්‍ෂකයා නිල වශයෙන් ප්‍රකාශ කිරීමට අගමැතිවරයා කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.

මේ අතර වාර්තා වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීම එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ද එකඟ වී ඇති බවයි.

265 views
Main News