EXCLUSIVE : සජිත් පේ‍්‍රමදාස ජනාධිපති අපේක්‍ෂක කිරීමට අගමැති රනිල් එකග වේ.. පක්‍ෂ නායකයන්ද අනුමතයි.. ලිඛිත පොරොන්දු දෙන කොන්දේසි 03 මෙන්න..

September 24, 2019 at 10:01 pm | lanka C news
EXCLUSIVE : සජිත් පේ‍්‍රමදාස ජනාධිපති අපේක්‍ෂක කිරීමට අගමැති රනිල් එකග වේ.. පක්‍ෂ නායකයන්ද අනුමතයි.. ලිඛිත පොරොන්දු දෙන කොන්දේසි 03 මෙන්න..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය නියෝජ්‍ය ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීන්දු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග වාර්තා කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්‍ෂයේ ජ්‍යෙඨෂ්ඨයන්ගේ හමුවක දී මෙම තීන්දුව ඒකමතිකව ගෙන ඇති බව වාර්තා වේ.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමට නම් මූලික වශයෙන් ප්‍රධාන කොන්දේසි තුනකට එකඟවීම යුතු බවද සඳහන් කර තිබේ.

  1. විධායක ජනාධිපති වී මාස හයක් ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම
  2. බලය බෙදීම
  3. රනිල් වික්‍රමසිංහ මහතා මීලග ආණ්ඩුවේද අගමැති ධුරයට පත් කිරීම

මෙම සියලු කොන්දේසිවලට එකඟ තාවයක් ලිඛිතව ලබාදිය යුතු බවද දන්වා තිබේ. නමුත් මෙම යෝජනාවලට ලිඛිත එකඟතාවය පළකිරීමට සජිත් ප්‍රේමදාස මහතා මේ වන තෙක් ප්‍රතිචාරයක් දක්වා නැති ඇති බවද වාර්තා වෙයි.

මේ තත්වය මත පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී ඡන්ද විමසීමකට නොගොස් ජනාධිපති අපේක්‍ෂකයා නිල වශයෙන් ප්‍රකාශ කිරීමට අගමැතිවරයා කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.

මේ අතර වාර්තා වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීම එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ද එකඟ වී ඇති බවයි.

234 views

41 Comments to “EXCLUSIVE : සජිත් පේ‍්‍රමදාස ජනාධිපති අපේක්‍ෂක කිරීමට අගමැති රනිල් එකග වේ.. පක්‍ෂ නායකයන්ද අනුමතයි.. ලිඛිත පොරොන්දු දෙන කොන්දේසි 03 මෙන්න..”

  1. Dissanayake says:

    UNP ද්‍රෝහී සන්ධාන අපේක්ෂකයා කවුරු වුවත් අගමැති රනිල් නම් විකුනම් කෑම රට ජනවර්ග පදනමින් බෙදීම සංස්කෘතිය නැසීම දිගටම. රට විනාසයි.

    • "මුතු ඇටය කිඳා බසීද කඳුලු බරට රටේ" says:

      අවසන් හුස්ම හෙලුවත් මේ සිහළ…රටේ
      තත්වය උදාවී ඇත අවසර ගන්න….රටේ
      මිහිදන් කරන්නට තම මළ සිරුර….රටේ
      මුතු ඇටය කිඳා බසීද කඳුලු බරට….රටේ

      • dan says:

        මහින්දවාදී මාධ්‍ය සේරම අන්දලා සජිත්ට ප්‍රචාරය ගත්තා. මාධ්‍ය හිතුවෙ සජිත්ට නොලැබෙයි කියල. අන්තිමට සජිත් අපේක්ශකයා කලා. මේක යුඑන්පියෙ ප්‍රචාරක ගේමක් බව මුල ඉඳන්ම මම කිව්වා.

    • Sarath says:

      එතකොට රාජපස්ස ඔය එකක්වත් කලේ නෑ? චීනෙට රට විකුනුව, පොඩි ජාතීන්ට බොදු බල්ලො දාල ගැහුව, රජ පුත්තු දලදා මාලිගාව ඉස්සරහ රේස් පැද්ද. කටෙන්ද කතා කරන්නේ? මහත්තයගේ කටෙන් එන්නේ ගූ නේ.

      • Mee says:

        අයියෝ තවමත් 2015 කියල ද හිතන් ඉන්නෙ? 6.2M වහල් මී හරක් චඃක්! මඃක්!

      • සරත් says:

        “බොදු බල්ලෝ “? ලියන උඹ අන්තවාදියෙක් බව කියන්න තව වචන ඕන නෑ සජිත්ට සපෝට් කරන්නේ මොක්කුද කුමක් නිසාද කියල තේරුම් ගන්න මෝඩ සිංහලයට අවස්ථාවක් දීම ගැන ස්තුතියි

  2. ධනපාල says:

    කට්ටිය බෙදා හදා ගෙන රට කන්නයි ලෑස්තිය රට වනසන එවුන්ට ” සාප වේවා!”

    • Rata Wenuwen says:

      රදවා රදවමයි

    • ගෝමස් says:

      රනිලාට කරන වින වාෂ්ප කරන්නට
      සජියාට දීලා අපේක්සක කැරට්අල
      පරදා පොරව දී ඡන්දය ගෝඨාට
      පක්සෙං එලවීම නිසැකයි උන්දෑව

  3. Jehan says:

    So we know that the UNP is there to devide the country and make it a weak country by abolishing the presidency.
    And we also know that the same thakkadiya will become the executive priminister

    • "රට ගැන හිතන අය" says:

      රට ගැන හිතන අය උස්සනු අත….කිව්වොත්
      දමිල මුස්ලිම් පෙන්වයි නිභයවම….කිව්වොත්
      බෙදුන සිහලා කුලල් කයි වාසියට…කිව්වොත්
      පාර්ලිමේන්තුව බෙදිල අත් නැතිව…කිව්වොත්

  4. jagath says:

    Jaya wewa ……..Jaya wewa…………..Jaya wewa……………Our Next President

  5. Ranjan says:

    සජිත් අනිවා පරදින බව දන්න නිසා අපේක්ෂකකම දුන්නට රනිල්ගෙ ඡන්දෙ දෙන්නෙත් ගෝඨාභයට

    • kawinda says:

      eka eththa. Ranil lokka agameti kamata wadaa kemathi vipaksha naayaka kamatai. ethakota wagakima adui. joliya wedyi. rata sawaari ape salli walin.

    • Bandq says:

      හොරෙකුට ඕනෑ ගොඩයන විදියක්,
      රනිල්ට ඕනෑත් ගොඩයන විදියක්,

  6. රටෙ එකා says:

    ජනාධිපති වෙලා ජනාධිපතිකම අහෝසි කරාම රනිල් නිකන්ම විධායක අගමැති, සජිත් නිකන්ම නිවාසි ඇමති. එහෙම කොරයිද? නැත්නම් නායා මුගටියා වගේ ඉදීද?

    • Rata Wenuwen says:

      ඒ කිලුටු පොට්ටනි කරගහාගෙන යන රදා එකා දිනුවොත්නේ

    • Rata Wenuwen says:

      රනියා යටවුනා පිම්බුනු බලු රදවාට,
      සද්දන්තයත් කුක්කෙක් විය බලුකටට,
      සිදුවෙයිද රනියාට “යර්ස් සෑර්”කියන්නට,
      “බල්ලගෙ පුක” තමයි ගඳ ගහාන්නේ එවිට

    • JANATHAAWA says:

      In otherwords, it implies to the Majority people that if Ranil would come as the candidate ,he is prepared to accomplish these three conditions in order to get minority Tamil votes. For them it seems as coming to power is more important than the country.What a treacherous act?

  7. නෙවිල් says:

    අපෙ තාත්තා යුඑන්පි උනෙ නොදැනුවත්කම නිසා…අපි යුඑන්පි විරුද්ධ උනේ දැනුවත් කම නිසා ..එනිසා යන්තමින් හෝ මොලයක් කියලා එකක් තියෙනවානම් ඔහු කිසිදා යුඑන්පියට චන්දය දෙන්නෙ නැත.

    • Hesh says:

      යූන්පී එකට චන්දය දුන්නට කමක් නැති පිරිසක් ඉන්නවා. ඉහල අදායම් ලබන පන්තිය, නිර්ගාමික පිරිස්, සින්හල බෞද්ධ විරෝධී පිරිස් සහ ලන්කාව බටහිර කොපියක් වෙන්න ඕනෙ කියලා හිතන මිනිස්සු යූන්පී එකට තමයි ඇත්තටම චන්දෙ ඕනෙ. හැබැයි ඒක මුලු ප්‍රතිශතයෙන් 10% වගෙ වෙන්න ඕනෙ. ඉතුරු එවුන් ඔහේ නොදන්න කමට චන්දෙ දෙන එවුන්.

  8. janaka says:

    ඔය ගිවිසුම හරියන්නේ නෑ .සජිත් විධායක ජනාධිපතිකම අහෝසි කරන්නේ නෑ .රනිල් සහ සජිත් කෙලගන්නවා.රටේ ජනතාවට තමයි ඊළග අවුරුදු පහත් නරිනාටක බලන්න වෙන්නේ.රටයි කෙලවෙන්නේ

  9. Bold Citizen says:

    Congratulations and no need to conduct the Presidential election spending Rs. 4,500 million of people’s money as the certain winner Sajith can assume office and be sworn-in at once on the day of nominations itself saving this colossal expenditure..

    • GANGABADAYA says:

      I do not see any boldness in your saying.
      Sajith is incompetent and Ranil is a bladdy curse to this country!!!!!!!!!!!

  10. අපි යූඑන්පී says:

    දෙන්න දෙපැත්තේ සාංචි මැද්දේ කතාව අහල තියනව නේද?

    • සිංහල බන්ඩා says:

      සජිත් ජනපති රනිල් අගමැති උනොත් සිරිසේන ජනාධිපති රනිල් අගමැති ජෝඩුව වසර පහක් රට කලාට වැඩි වෙනසක් වෙන එකක් නැහැ.

Main News