EXCLUSIVE : සජිත් පේ‍්‍රමදාස ජනාධිපති අපේක්‍ෂක කිරීමට අගමැති රනිල් එකග වේ.. පක්‍ෂ නායකයන්ද අනුමතයි.. ලිඛිත පොරොන්දු දෙන කොන්දේසි 03 මෙන්න..

September 24, 2019 at 10:01 pm | lanka C news
EXCLUSIVE : සජිත් පේ‍්‍රමදාස ජනාධිපති අපේක්‍ෂක කිරීමට අගමැති රනිල් එකග වේ.. පක්‍ෂ නායකයන්ද අනුමතයි.. ලිඛිත පොරොන්දු දෙන කොන්දේසි 03 මෙන්න..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය නියෝජ්‍ය ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීන්දු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග වාර්තා කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්‍ෂයේ ජ්‍යෙඨෂ්ඨයන්ගේ හමුවක දී මෙම තීන්දුව ඒකමතිකව ගෙන ඇති බව වාර්තා වේ.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමට නම් මූලික වශයෙන් ප්‍රධාන කොන්දේසි තුනකට එකඟවීම යුතු බවද සඳහන් කර තිබේ.

  1. විධායක ජනාධිපති වී මාස හයක් ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම
  2. බලය බෙදීම
  3. රනිල් වික්‍රමසිංහ මහතා මීලග ආණ්ඩුවේද අගමැති ධුරයට පත් කිරීම

මෙම සියලු කොන්දේසිවලට එකඟ තාවයක් ලිඛිතව ලබාදිය යුතු බවද දන්වා තිබේ. නමුත් මෙම යෝජනාවලට ලිඛිත එකඟතාවය පළකිරීමට සජිත් ප්‍රේමදාස මහතා මේ වන තෙක් ප්‍රතිචාරයක් දක්වා නැති ඇති බවද වාර්තා වෙයි.

මේ තත්වය මත පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී ඡන්ද විමසීමකට නොගොස් ජනාධිපති අපේක්‍ෂකයා නිල වශයෙන් ප්‍රකාශ කිරීමට අගමැතිවරයා කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.

මේ අතර වාර්තා වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීම එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ද එකඟ වී ඇති බවයි.

230 views

41 Comments to “EXCLUSIVE : සජිත් පේ‍්‍රමදාස ජනාධිපති අපේක්‍ෂක කිරීමට අගමැති රනිල් එකග වේ.. පක්‍ෂ නායකයන්ද අනුමතයි.. ලිඛිත පොරොන්දු දෙන කොන්දේසි 03 මෙන්න..”

  1. ගරසරප says:

    ආයෙත් අවුරුදු 5ට අගමැති vs ජ්නපති test match එකක් බලනවද?

  2. Sirisena Yatawara says:

    this nation cannot abandon that Presidency system of Govt by that UNP and TNA wanted to do?
    Our sovereignty of Nation cannot be divide by UNP wanted to do that .
    We are Unitary nation and STATE.
    Ours Republic purely that depended on will of majority of Citizens of Islanders not by minority aspiration of by separatism.
    While that TNA and Muslim Separatism is/was extremism it has gone to extended to Terrorism by LTTE+TNA and Islam Terrorism.

  3. Sadda says:

    Gilena nawe kapithanta jaya wewa😁

  4. Kannan says:

    Sajith will never be able to win the presidential election. being a veteran politician Ranil knows the ground reality and pulse of the people. Majority of the people does not want to see that country goes back to ” dirty era of Premadasa” in 1989-1993. this is the time that country needs a strong leadership. country doesn’t need a political “Podiyan” like Sajith.

  5. ගමරාළ says:

    මේ කොන්දේසි සියල්ල අන්තවාදීන්ගෙ උවමනාවන්..කොල පාටින් මොකා ආවත් විකුනුම්සින්හ දිගටම රට විනාශය කරා ආගාදයටම ගෙන යනවා…ගරුතර ආනන්ද ම්‍යීත්‍රි හාමුදුරුවන් ප්‍රකාශ කලා සේ කොලපාට පක්ශය කියන්නෙ සින්හල බොද්ධ ජාතිය විනාශ කරන පක්ශයක් බව නම් පැහැදිලියි…

  6. පරණ යූඇන්පීකාරයෙක් says:

    යූ ඇන් පියට ආපහු ඡන්දෙ දෙන්න එපා ආපහු මෝඩ සිංහලුනේ. බෙදුම්වාදී ජාතිවාදී දෙමළ මුස්ලිම් උන් පිනුම් ගමහයි අමන පාලකයෙක් සමග.

  7. helaya says:

    what a deal. :-).

    What is there for Sajith.

  8. Tilwin says:

    Ranil is a shrewd politician. Sajith is a fool to contest this time. He is sure to lose badly. Then Ranil will knock him out of even the Deputy Leader post.

  9. සිංහලයා says:

    සජිත් නෙවෙයි මොකා ආවත් මෙදාපාර දිනන්නේ ගෝඨා.

  10. HENA says:

    ara parana sakkili haththama da aith enna yanne… rata ta wina karana..

    balaya bedann…unta raja wenna

Main News