EXCLUSIVE : සජිත් පේ‍්‍රමදාස ජනාධිපති අපේක්‍ෂක කිරීමට අගමැති රනිල් එකග වේ.. පක්‍ෂ නායකයන්ද අනුමතයි.. ලිඛිත පොරොන්දු දෙන කොන්දේසි 03 මෙන්න..

September 24, 2019 at 10:01 pm | lanka C news
EXCLUSIVE : සජිත් පේ‍්‍රමදාස ජනාධිපති අපේක්‍ෂක කිරීමට අගමැති රනිල් එකග වේ.. පක්‍ෂ නායකයන්ද අනුමතයි.. ලිඛිත පොරොන්දු දෙන කොන්දේසි 03 මෙන්න..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය නියෝජ්‍ය ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීන්දු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග වාර්තා කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්‍ෂයේ ජ්‍යෙඨෂ්ඨයන්ගේ හමුවක දී මෙම තීන්දුව ඒකමතිකව ගෙන ඇති බව වාර්තා වේ.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමට නම් මූලික වශයෙන් ප්‍රධාන කොන්දේසි තුනකට එකඟවීම යුතු බවද සඳහන් කර තිබේ.

  1. විධායක ජනාධිපති වී මාස හයක් ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම
  2. බලය බෙදීම
  3. රනිල් වික්‍රමසිංහ මහතා මීලග ආණ්ඩුවේද අගමැති ධුරයට පත් කිරීම

මෙම සියලු කොන්දේසිවලට එකඟ තාවයක් ලිඛිතව ලබාදිය යුතු බවද දන්වා තිබේ. නමුත් මෙම යෝජනාවලට ලිඛිත එකඟතාවය පළකිරීමට සජිත් ප්‍රේමදාස මහතා මේ වන තෙක් ප්‍රතිචාරයක් දක්වා නැති ඇති බවද වාර්තා වෙයි.

මේ තත්වය මත පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී ඡන්ද විමසීමකට නොගොස් ජනාධිපති අපේක්‍ෂකයා නිල වශයෙන් ප්‍රකාශ කිරීමට අගමැතිවරයා කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.

මේ අතර වාර්තා වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීම එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ද එකඟ වී ඇති බවයි.

125 views

41 Comments to “EXCLUSIVE : සජිත් පේ‍්‍රමදාස ජනාධිපති අපේක්‍ෂක කිරීමට අගමැති රනිල් එකග වේ.. පක්‍ෂ නායකයන්ද අනුමතයි.. ලිඛිත පොරොන්දු දෙන කොන්දේසි 03 මෙන්න..”

  1. ලලිත් සමරසිංහ​ says:

    සජිත් ඉදිරිපත් වුවා නම් අනිවර්‍යෙන්ම ගෝඨා හාන්සියි

    • නුවන් says:

      පලයන් මෝඩයා යන්න සජිත් කියන්නේ ළදරුවෙක්
      ගෝටා කියන්නේ මහා යුග පුරුෂයෙක් ,වචනේ තේරුම දන්නේ නැතිනම් උගත් මිනිහෙක් හොයාගෙන එයාගෙන් අහල දැනගනින් (උගතෙක් කියන්නේ ඕලෙවල් පාස් එකෙක් නෙවෙයි හොඳේ )

  2. යූ ඇන් පියට ආපහු ඡන්දෙ දෙන්න එපා ආපහු මෝඩ සිංහලුනේ. බෙදුම්වාදී ජාතිවාදී දෙමළ මුස්ලිම් උන් පිනුම් ගමහයි අමන පාලකයෙක් සමග.

    Kri ranillaaa wa apat natuwa gedarama haaci karamu,orrrnamanam orrrkagey gedara gihin katata reeeela amu api.

  3. Sun says:

    Can he run a country with his experience my dear friends. He has to learn some mathematics and writing skills before the job. How can he make decisions by himself with his level of intelligence. If he gets definitely he will sell the whole country with his counterparts and share the profit.

Main News