සජිත් පේ‍්‍රමදාස සාමාන්‍ය පෙල ලියා ඇත්තේ අවුරුදු 23දී..?

July 26, 2019 at 11:20 am | lanka C news
සජිත් පේ‍්‍රමදාස සාමාන්‍ය පෙල ලියා ඇත්තේ අවුරුදු 23දී..?

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇත්තේ අවුරුදු 23 දී බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා චෝදනා කළහ.

ඔවුන් මෙම චෝදනාව එල්ල කරන ලදී ඊයේ හිරු රූපවාහිනියේ පැවැති බලය දේශපාලන වැඩසටහනේදී එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා විසින් කරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙනයි.

නලින් බණ්ඩාර මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාග ප්‍රතිඵල නොමැති බවත් ඔහුට ඇත්තේ එංගලන්තයේ සාමාන්‍ය පෙළ උසස් පෙල හා උපාධියක් බවත්ය.

ඔහු එංගලන්තයට ගියේ ඔහුගේ පියා වන රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාව සිටියදී බවත් 88-89 කාලයේ පැවැති භීෂණය නිසා බවත්ය.

ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ 1989 වෙද්දී සජිත් ප්‍රේමදාස මහතාගේ වයස අවුරුදු 23 ක් බවයි. එනම් මන්ත‍්‍රීවරයා පවසන ආකාරයට සජිත් ප්‍රේමදාස මහතා සාමාන්‍ය පෙළ ලියා ඇත්තේ වයස අවුරුදු 23 දී බවට ඔවුහු තර්ක කළහ.

එමෙන්ම සජිත් පේ‍්‍රමදාස මහතා රාජකීය විදුහලේදී සාමාන්‍ය පෙල අසමත් වීමෙන් පසු එංගලන්තයට යැවූ බවට එජාප මන්ත‍්‍රීවරුන් පවසන බද මන්ත‍්‍රී රංජිත් සොයිසා පැවසීය.

1967 වසරේ ජනවාරියේ උපන්නෙකු වන සජිත් පේ‍්‍රමදාස මහතා වයස අවුරුදු 16දී එනම් 1982දී සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටිය යුතුය.

සජිත් එංගලන්තේ ගියේ කවද්ද ?

සජිත් එංගලන්තේ ගියේ කවද්ද ?

Gepostet von Hiru TV Balaya am Donnerstag, 25. Juli 2019

37 views

21 Comments to “සජිත් පේ‍්‍රමදාස සාමාන්‍ය පෙල ලියා ඇත්තේ අවුරුදු 23දී..?”

  1. Sun says:

    That is why we lost the tracks after following the guidelines of so called democratic leaders without knowing the fundamentals. We can see the level of thinking of our matured politicians. They cannot make any positive contribution really. So we were just hanging to the democracy without knowing the path for this many years. If we continue like this, it will make no difference in near future my dear friends.

Main News