සජිත් බෙල්ල මුලින්ම කැපී යයි.. ‘ජනාධිපති අපේක්‍ෂක සාමාන්‍ය පෙල සමත් විය යුතුයි.. ආසනය/දිස්ත‍්‍රික්කය දිනා තිබිය යුතුයි..’ යෝජනාව කෘත්‍යාධිකාරියට..

July 7, 2019 at 9:20 am | lanka C news
සජිත් බෙල්ල මුලින්ම කැපී යයි.. ‘ජනාධිපති අපේක්‍ෂක සාමාන්‍ය පෙල සමත් විය යුතුයි.. ආසනය/දිස්ත‍්‍රික්කය දිනා තිබිය යුතුයි..’ යෝජනාව කෘත්‍යාධිකාරියට..

එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරාපත් කරන පුද්ගලයා සම්බන්ධයෙන් සලකා බැලිය යුතු නිර්ණායක කිහිපයක් එම පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් කෙරෙමින් පවතී.

අපෙක්‍ෂකත්වය බලාපොරොත්තු වන්නන් තම අධ්‍යාපන සුදුසුකම් සහ තමන්ගේ මැතිවරණ දිස්ත‍්‍රික්කය හා ආසනය ජය ගැනීම ගැන එහිදී සලකා බැලීමට නියමිතය.

මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට සූදාමන් කෙරෙමින් ඇත්තේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකු විසින් වන අතර ප‍්‍රබල ඇමතිවරයෙකු ඉදිරියේදී යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව ජනාධිපති අපේක්‍ෂකත්වය බලාපොරොත්තු වන තැනැත්තා අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කිරීම අනිවාර්ය කෙරෙන් ඇත.

මෙම යෝජනාව ස්ථිර වුවහොත් ජනාධිපති අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් වීමට අදහස් කර සිටින සජිත් පේ‍්‍රමදාස මහතාටද ප‍්‍රබල ලෙස බලපානු ඇත්තේ ඔහු කිසිදු අවස්ථාවක සිය දිස්ත‍්‍රික්ය වන හම්බන්තොට හෝ ආසනය දිනා නැති නිසාය.

එමෙන්ම ඔහු සාමාන්‍ය පෙල සමතෙක්ද නොනවන බවද ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා විසින් ප‍්‍රසිද්ධියේ චෝදනා කරයි.

51,027 Viewers

25 Comments to “සජිත් බෙල්ල මුලින්ම කැපී යයි.. ‘ජනාධිපති අපේක්‍ෂක සාමාන්‍ය පෙල සමත් විය යුතුයි.. ආසනය/දිස්ත‍්‍රික්කය දිනා තිබිය යුතුයි..’ යෝජනාව කෘත්‍යාධිකාරියට..”

  1. විස්කි මැඩම් says:

    සජියට කරන්න තියෙන්නේ සුළු දෙයයි.
    30 පාරක් පැරදුන එකෙක්ට පක්ෂ නායකත්වය ගන්න බැහැ කියලත් යෝජනාවක් ඔය සමගම ගෙනාවොත් සජිය ගොඩ.

    • kawinda says:

      30 paarak peradunath den naayakaya kawadaawath aasane peradila nehe neda..? anika unnehe naduwak katha karala nethath advocate kenek neda..? yojitha yoyanaawata adaalawa wenda naayakakama thamai uruma.

      • Chaminda malli says:

        නොදන්නා දේවල් නොකියා හිටු. රනිලගෙ ආසනය බියගමයි. ඕක බියගම පැරදුණු හින්දා කොලඹට පැන්න.

      • Max says:

        Ow ow, ithuru banku tikath sudda karala, rata amerikawata liyala denawanam asane dinuwata mokada, advocate wunata mokada…. !
        Ethuma rata pawa dennangen pewatha ena kenek ne… kiyawanna thambi mudiyanse gena…..! Haya hathara nodath kolupetiya… !!

  2. 77 UNP says:

    අවුරුද්දකට පෙර මේ නිර්ණායක ඉදිරිපත් කලානම් පහුගිය දෙසම්බරේ O/L ලියන්න තිබුණා. රණසිංහ ප්‍රේමදාස තියරියට අනුව UNP සභාපති හර්ෂ, JR ට තුන්පාරක් ජනාධිපති වෙන්න කෘත්‍යධිකාරියේ යෝජනා ස්ථිර කල ඇල්බට් කාරියවසම් , ලයනල් ජයතිලක වැනිචරිත ඉවත්කලා වගේ වහාම යෝජනාව ගෙනෙන අය ඉවත් කරමු. එතකොට තාත්තගේම පුතා බව පට් පට් ගාල ඔප්පු වෙනවා.

  3. cineth says:

    ගියපාර පොදු අපේක්ෂක තෝරද්දි ඒ කියන සාධකමොකක් වත් බැලුවේ නැහැ .අඩුම තරමේ තරමේ ඉංග්‍රීසි භාෂාව භාෂාව කතා කරන්න පුලුවන්ද කියලවත් බැලුවේ නෑ . සාමාන්‍ය පෙළ සමත් වුණත් වැඩක් තියෙනවද සිංහල භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව හරියට කතා කරන්න හැකියාවක් නැත්නම්.

    • සඞ්ගත says:

      නිවටුන් නොවෙනු. ඉංග්‍රීසි යනු හුදෙක් භාෂාවක් පමණයි. මිනිසෙකුගේ උසස් බව ඉන් මැනිය නොහැකියි. රටේ ජාතික නායකත්වයට ඉංග්‍රීසි දැනගන්න අවශ්‍ය නෑ. ජාත්‍යන්තර කටයුතු වලට භාෂා පරිවර්තක සහය ලබාගත යුතුයි. විදේශිකයන් අපිට බලෙන් පැටවූ පරභාෂාවන්ට ගැති වීම දැන්වත් නවත්වමු. ජාතික නායකයා උගත් බුද්ධිමත් පුද්ගලයෙක් විය යුතුයි. නමුත් ඉංග්‍රීසි අවශ්‍ය නෑ. විදේශිකයන් සරණ නොයන, රට දැය සමය බස පිළිබද හැගීමක් ඇති පුද්ගලයෙක් විය යුතුයි.

      • siran says:

        ettatama sinhala pawichchi kal hekke lankawe pamanayi.. IHALAMA USAWI WALA pawa sinhala bawitA wiya utuyi….

      • Gayantha says:

        අනිවාර්යයෙන්ම english බැරි අය ජනාධිපති තියා ඇමතිකමකටවත් සුදුසු නෑ. නූතන තාක්ෂණය එක්ක ලෝකේ වෙනස් වෙමින් යනවා. අඩුම ගානේ ලියන්න හෝ කියවලා තේරුම් ගන්න බැරි පුද්ගලයෝන්ට සිදුවෙනවා වෙන පුද්ගලයන් මත යැපෙන්න පරිවර්තනය සදාහා. එතකොට ඉතින් දැන් ඉන්න ඩයල් එක වගේ මෝඩ වැඩ තමයි කරන්නේ. English බැරි නූතන තාක්ෂණය ගැන අවභොදයක් නොමැති කිසිම පුද්ගලයෙක් ජනාධිපති නොක යුතුය.

        • සඞ්ගත says:

          නිවට කමට බෙහෙත් නැත. මෙවන් නිවටුන්, පරගැත්තන් බිහිවනුයේ මේ අධ්‍යාපන ක්‍රමයේ වරද නිසා විය යුතු ය. බටහිර තාක්ෂණය ඉගෙනීමේ වරදක් නැත. මම ද බටහිර තාක්ෂණය ඉතා ඉහළට උගත්තෙක් මි. නමුත් අප එයට ගැති විය යුතු නොවේ.

    • omrw says:

      ඇත්තටම ඉංග්‍රීසි බේරී කෙනකු රටේ නායකත්වයට සුදුසුයි ලෙස දාමුද මොකද ඉංග්‍රීසි කතාකරන එකා හිතන් ඉන්නේ මට ඉංග්‍රීසි පුළුවන් ඔක්කොම හරි කියලා. භාෂාව නෙවෙයි ඉංග්‍රීසි බැරි එකාට බොහොවොට සිංහලත් බැහැ මොකද භාසා හැකියාව යනු වෙනම මතකය හා සම්බන්ද විෂයක්. රටකට ඕනා ගණිතය භාවිතාවෙන්ම දරනා නායකයෙක්, එනම් උපාය දන්නෝ අපායේ නොවෙටෙති කියලා කතාවක් තියෙනවා

  4. Gonsun says:

    Papa was uneducated, what he done was cutting green land. Coconut estates and building houses.
    Putha dping same

  5. john the baptice says:

    මොකා ආවත් මුන් සේරම පරදිනවා සහතිකයි

  6. sunimal says:

    රට විකුනන මුන් රට වෙනුවෙන් අත පපුවේ තියාගන්නේ කෙසේද ලැජ්ජයි

  7. KIribatha says:

    Education and leadership skills are two different things. Passing O/L or even getting a PhD do not make you a good leader.

  8. real fact says:

    17% chanda thiyagena unp kohomada janathipathi kam ganne, Mahinda virodi chanda unp,JVP,Maithree kiya bedunoth sajith newei,D’s Senanayaka awath apath nathi wenawa, JVP wenama apekshakayek daanneka Dan nan sure, ey hinda gotabaya aniwa janapathi wei.

  9. Gayantha says:

    සජිත් උගත් බුද්ධිමත් මනුස්සයෙක් නෙමේ. කොහොමත් රටේ නායකයා වන්න ඔහු සුදුසු නෑ නුමුත් කාගේ හෝ යටතේ ඇමතිකම් කරන් ඉන්න හොදයි.

    මේ ලිපියේ පොඩි වරදක් තියෙනවා. ඔහු 2000 සහ 2001දී හම්බන්තොට ආසානය දිනලා තියෙනවා නුමුත් මහින්ද මහත්තයා 2004න් පස්සේ ඒ රැල්ල අයෙත් හරවන්න බැරි වෙන්න වෙනස් කරා.

    • omrw says:

      රට කන උගතුන්ට වාඩා සජිත් 1000 හොඳයි මොකද විජේතුංග සාමය තමයි unp හොඳම කලේ

  10. Gone gota says:

    Nothing to worry.. Gotabaya has promised to come from UNP.

    That why he is silence these days as talks going on with Ranil.

  11. Me3 says:

    හොඳ යෝජනාවකි. මෙම යෝජනාව සියළුම පක්ෂ හා ස්වාධීන අපේක්ෂකයන්ටද බලපාන ලෙස සකස් කොට පාර්ලිමේන්තු වෙි සමිමත කොට නීතියක් බවට පත්කල යුතුබව මගේ හැඟීමයි.

  12. Bandula. says:

    Ane manda hama job ekakatama adyapana sudusukam hodin balana eke nugathek rate anagathaya bara denne nathi ekanam hodai, enisa ugathekuta thana denna wassakata wath pasal nogiya ayakuta denawata wada eka hodak.

  13. one shot says:

    නාගයව එජාපෙට ගනිල්ලා.ඌ ආපු ගමන් දෂ්ඨ කරනවලු දෙසීය විසිපහටම​.උසාවි ඔක්කෝම වහනවලු.ජනාධිපතිකමෙන් අයින් වෙලා අගමැතිකම ගන්නවලු.ඇමතිකම් අඩු කරනවලු.තව හැට හුට හමාරක් ජල්තර කරනවලු.කිසිම පිස්සෙක් ඌට පිස්සුයි කියා කියන්නෙ නැහැලු.

Main News