සජිත් භීතිකාවෙන් නින්දිත, අශිෂ්ඨ වැඩ එපා..- කැබිනට් පොරයෙන් ගැම්ම ගත් සජිත් අගමැතිට දෙසයි..

September 19, 2019 at 10:32 pm | lanka C news
සජිත් භීතිකාවෙන් නින්දිත, අශිෂ්ඨ වැඩ එපා..- කැබිනට් පොරයෙන් ගැම්ම ගත් සජිත් අගමැතිට දෙසයි..

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කළ අවස්ථාවක විධායක ජනපතිධුරය අහෝසි කිරිමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීම නින්දිත, අශිෂ්ඨ සදාචාර සම්පන්න නොවන වැඩක් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

අද පැවැති විශේෂ කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“එක් එක් පුද්ගලයින් තමන්ගේ මති මතාන්තර එක්කළා. නමුත් මේ වගේ යෝජනාවක් මේ වගේ තත්ත්වයක් තුළ ඊයේ රාත්‍රියේ ගැසට් නිවේදනය නිකුත් කළේ. නාම යෝජනා දිනයක් තිබෙනවා. මැතිවරණ දිනයක් තිබෙනවා. එහෙම තියෙද්දී ජනාධිපතික්‍රමය අහෝසි කරන්න සාකච්ඡා කරන එකත් ඒක මහා නින්දිත ක්‍රියාදාමයක්.

ඒක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගැසීමක්. විධායක ජනපතිධුරය අහෝසි කිරිම ගැන සාකච්ඡා මීට සති දෙකකට පෙර කරන්න තිබුණා. සතියකට පෙර කරන්න තිබුණා. මේක අඟහරුවාදා සාකච්ඡා කරන්න තිබුණා.

දිනන සන්ධානය මා සතුව තිබෙනවා. මම ලෑස්තියි. කිසිම කථා දෙකක් නෑ. දෙවතාවක් හිතන්න දෙයක් නෑ. මේ හැමදේම පසුපස සජිත් භීතිකාවක් තිබෙනවා. විධායක ජනපතිධුරය නෙමෙයි සජිත් භීතිකාවක් තිබෙනවා.

ඕනම ප්‍රගතිශීලි සන්ධානයකට අපි දොරටු විවෘත කර තිබෙන්නේ අපිත් සමග එකතු වෙලා විප්ලවීය වැඩසටහනේ කොටස්කරුවෙක් වෙන්න කියලා.

සදාචාර සම්පන්න අශිෂ්ඨ යෝජනාවක් තමයි මේ ඉදිරිපත් වුණේ. ඒත් මං අහන්න කැමතියි ඇයි අවසාන මොහොතේ අවසාන තත්ත්පරයේ කරන්න හැදුවේ. ”

– ada.lk

40,070 Viewers

8 Comments to “සජිත් භීතිකාවෙන් නින්දිත, අශිෂ්ඨ වැඩ එපා..- කැබිනට් පොරයෙන් ගැම්ම ගත් සජිත් අගමැතිට දෙසයි..”

  1. පොඩි එකා says:

    පලාත් සභා මැතිවරණ අහෝසි කරනකොට සඡිත් කට වහගෙන හිටපු නිසා අගමැති හිතන්න ඇති ඡනාධිපතිවරණයත් අහෝසි කරන්න…

  2. Cyril says:

    Mun okkoma pradeshiya saba chande nothiya adagena giya. Eelangata palath sabha chande kal damma. Dan enawa presidential election eka kal damanna. Me agamathi parayage civil rights nathi karala ratin pituwahal karanna oni.

  3. n.s fasions kurunegala says:

    sajithta awasi wenakota prajathanrawadaya – chanda nethi karanakothtah prajathanrawadaya – thathawage onema kuppa wedak karai wasiyata

  4. Dilshan says:

    Is the transcript correct or Sajith is talking nonsense?
    “Sadaachaarasampanna ashishta yojanawak”what is it?

  5. Disce ammata discede says:

    කමෝන් සජිත් , ගහපිය ඕකට. පැරදුනත් කමක් නැ ඕකට නෙලපු නම්බුව එක්ක .

  6. RAYMOND says:

    ඔය වැඩේ කරන්න ගියේ සජිත් ප්‍රේමදාස ට බයේ නොවේ
    ගෝඨාභය රාජපක්ෂ මහතා ට එන පාර කපන්න
    පුරවැසි භාවය
    වාර දෙකකට ජනාධිපති කම සීමා කිරීම
    විපක්ෂ නායක කම දෙමළ සංදේශයට දිම
    Fcid
    අමතර උසාවි
    මේ සියල්ල කලේ රාජපක්ෂ වරු ටයි

  7. පොරමෝලා says:

    සිරිසේනගේ දයාසිරි පණුවා කොක්කේ අමුණා
    රනිල් සාගරයේ පීනමින් සිටින අනුර මාළුවාට ගිල්ලවා මේ ප්‍රගතිශීලී මාළු ගොඩ වැඩි කරගනු ලැබේ

Main News