‘සජිත් මෙරට ජනාධිපති වීම ඒකාන්තයි..’- ප‍්‍රකට හිමියන් අනාවැකියක් කියයි..

January 3, 2021 at 3:28 am | lanka C news
‘සජිත් මෙරට ජනාධිපති වීම ඒකාන්තයි..’- ප‍්‍රකට හිමියන් අනාවැකියක් කියයි..

‘විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒකාන්ත වශයෙන්ම මෙරට ජනාධිපති බවට පත් වෙනවාමයි’ යයි කොළඹ නවකෝරලේ නවතොටමුනේ උප ප්‍රධාන සංඝනායක පෝරේ පුරාණ විහාරාධිපති රුක්මලේ ධම්මකිත්ති හිමියෝ සඳහන් කරති.

ශ‍්‍රී ධම්ම විජිතාශ්‍රමයේ පිවිසුම් දොරටුව විවෘත කිරීමේ උත්සවයේදී දේශණයක් සිදු කරමින් එහිමියෝ මේ බව පැවසූහ.

එය විවෘත කිරීම සිදු වූයේ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

සජිත් ප්‍රේමදාස මහතාට මේ රටේ ජනාධිපති වෙන්න පින ඇති බවද පැවසූ උන්වහන්සේ ජනාධිපති වූ පසුව පොරොන්දු වූ දේවල් නොකළ හොත් ඒ බලයෙන් පහ කර දමන බවද කියා සිටියහ.

69,732 views

46 Comments to “‘සජිත් මෙරට ජනාධිපති වීම ඒකාන්තයි..’- ප‍්‍රකට හිමියන් අනාවැකියක් කියයි..”

  1. nihaljayantha.sellahewa says:

    සජියා හොඳයි වෙලේ පඹයෙකුට හිටවන්න

  2. pena karu says:

    එත් අවාසනාවකට උන් වහන්සේට ඒ සොඳුරු දිනය දකින්න තරම් පින් කරලා නැහැ! ඒ වගේම වාසනාවකට අපි ඒ තරම් පව් කරලාත් නැහැ!

  3. Billa says:

    8 පාස් නෝ කැපෑසිටි සජිත්ට ජනාධිපති වෙන්න පින තිබුණට එවන් මන්දබුධිකයෙක් යටතේ පාලනය වෙන්න මේ රටේ මිනිස්සුන්ට පවක් තියෙනවද කියලා බලන්න ඕන.

  4. COOL says:

    මේ රටේ මෙහෙම හාමුදුරුවන් ඉන්න නිසා තමයි මේ රටට කෙලවලා තියෙන්නේ, හමුදුරුවනි කඩේ යනකොට රට ගැන හිතලා කඩේ යන්න බඩ ගැන නොහිතා.

  5. siri says:

    Asitha thawsa thawama innawada?hamuduruwane mudalwalata kade yanna epa, moo awoth rata kapothie.

  6. jasaya says:

    සියල්ල කාලයාගේ ඇවෑමෙන් සිදු වේවි. සිතු දේ නොම වේ නොසිතුදෙයක්වේ ලෝ දම් කැරකෙනවා.දේශපාලන අතීතය විමසුම්ව මැදිහත් සිතකින් සිහි කළ යුතුය. වන්දනීය වන්දිභට්ට කම් ජනතාවාදී වීම වඩාත් වටින බව සිතිය යුතුය.

Main News