සජිත්, මෛත‍්‍රී පාරේම යයි.. එජාපයටත්, මංගලටත් විරුද්ද වෙයි..

October 11, 2019 at 3:50 pm | lanka C news
සජිත්, මෛත‍්‍රී පාරේම යයි.. එජාපයටත්, මංගලටත් විරුද්ද වෙයි..

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

තමන් ජනාධිපති වූ පසු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මෙන් මෙසේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන බව ඔහු කියා සිටියේ ඊයේ ගාළු මුවදොරදී පැවති පැවැති පළමු ජන රැළිය අමතමිනි.

කෙසේ වෙතත් ඇමති මංගල සමරවීර මහතා මෑතකදී ප‍්‍රසිද්ධියේ පවසන ලද්දේ මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීමට විරුද්ද බවයි.

එක්සත් ජාතික පක්ෂය ද සිය ස්ථාවර ලෙස පසුගියදා කියා සිටියේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට පක්ෂයක් ලෙස විරුද්ද බවය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද පසුවන්නේ මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දිය යුතුය යන ස්ථාවරයේය.

56,990 Viewers

6 Comments to “සජිත්, මෛත‍්‍රී පාරේම යයි.. එජාපයටත්, මංගලටත් විරුද්ද වෙයි..”

  1. sirimal says:

    Sajith is addressing to Mahinda’s camp , but not for Ranil’s , Mangala’s or Ravi’s people.

  2. ...සමනල මත... says:

    මත් කුඩට අපරටම දිය වී ඇත්තේ
    මත් වතුරට පරපුර මත් වී ඇත්තේ
    ගබඩාව සාගරේ අප රට වී ඇත්තේ
    සමනල මතට රටම අඳුරු වී ඇත්තේ

  3. Rosh says:

    ඒක හොඳයි. හොඳ දේට හොඳයි කියන්න අප පුරුදු විය යුතුය.

  4. හැපින්න says:

    මූණ දැක්කම කියන්න පුළුවන්..මූ නම් මහ හීනමාන කාරයෙක්. කථා කරනකොට දාන ඇක්ශන් වලින් පේන්නෙ නැද්ද, මෙයා ආවොත් කෙලින පිස්සු හිතාගන්නවත් බෑ..දීලා බලන්ඩලකො මේ පාරත්..

    • Bitter Truth says:

      ඔව් ඔව්… ගූ ඇන් පී එකට බැන්ඩේජ් දාලා සෙලයින් එහෙම දීපල්ල. මරනාසන්න වෙලා ඉන්නෙ. වෙන දෙන්න දෙයක් නෑ.

      ඇල්පිටියෙන් පෙට්ටියට ලෝඩ් කලා මේ දැන්

  5. Real man says:

    If Sajith wins , it is Mangala who will be the minister of Finance…

    Prime minister will be Ranil …

    As stated SF will be the minister of defense. SF was the chief of Army during Chandrika time and could not finish the war.
    So SF is capable , only if proper guidance is given. He has not done anything as a minister of this government.

    So please think before you vote.

    All first time voters need to take this very seriously. You are the ones responsible for this change.

    Vote for Gota , we need a country to live peacefully.

Main News