සජිත් රට පුරා ගොස් දුප්පතුන්ට බලාපොරොත්තු දීලා..- අගමැති

August 13, 2019 at 6:48 pm | lanka C news
සජිත් රට පුරා ගොස් දුප්පතුන්ට බලාපොරොත්තු දීලා..- අගමැති

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා රටපුරා ගොස් දුප්පත් ජනතාවට අලුත් බලාපොරොත්තු ඇති කර තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එසේ බලාපොරොත්තු ඇති කිරීම සම්බන්ධයෙන් තමන් සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රශංසා කරන බවත් සුබ ප්‍රාර්ථනා කරන බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ රණාල ජල්තර ප්‍රදේශයේ පැවති උත්සවයකදීය.

මෙම උත්සවය සඳහා ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ද සම්බන්ධ වී සිටියේය.

63 views
Main News