සජිත් රනිල්ට අන්තිම ප‍්‍රහාරය එල්ල කරයි.. එන මැතිවරණයේ අගමැති අපේක්‍ෂ වන්නේ එජාප නායකත්වය දුන්නොත් පමණයි.. ප‍්‍රසිද්ධියේ කියයි..

December 17, 2019 at 10:12 pm | lanka C news
සජිත් රනිල්ට අන්තිම ප‍්‍රහාරය එල්ල කරයි.. එන මැතිවරණයේ අගමැති අපේක්‍ෂ වන්නේ එජාප නායකත්වය දුන්නොත් පමණයි.. ප‍්‍රසිද්ධියේ කියයි..

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වීමට නම් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අනිවාර්යෙන් ලබා දිය යුතු බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු මසකට පසු අද පළමුවරට ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ කොළොන්නාවේදී එජාප පාක්ෂිකයන්ට ස්තූති කිරීමේ හමුව අමතමිනි.

පසුගිය ජනාධිපතිවරණයේදී තමන් අපේක්ෂකයා ලෙස පක්ෂ නායකත්වය ලබා නොගෙන ඉදිරිපත් වූයේ ජනතාවගේ හා පක්ෂයේ දැඩි ඉල්ලීම නිසා බවද ඔහු කියා සිටියේය.

නමුත් මෙවර මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය සඳහා තමන් ඉදිරිපත් වන්නේ පක්ෂ නායකත්වය ලබාදුනහොත් පමණක් යැයි ඔහු සඳහන් කළේය.

මෙම තීන්දුව කිසි ලෙසකින් වෙනස් වන්නේ නැතැයි ද ඔහු තවන දුරටත් පැවසීය.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂය විසින් මේ වනවිටත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර ඇති අතර විපක්ෂ නායකත්වය ද ඔහුට ලබාදී ඇත.

නමුත් පක්ෂ නායකත්වය වෙනස් කිරීම සදහා තවත් කාලයක් ගත වනු ඇති බව එහි නායකයන් කියා සිටී.

සජිත් පේ‍්‍රමදාස මහතාගේ උපක‍්‍රමය වී ඇත්තේ පක්‍ෂ නායක්තවය ලබා ගත් පසු අගමැති සටනින් පැරදුනද පක්‍ෂ නායකත්වය ඇති නිසා ඉන් පසු එජාප නායක හා විපක්‍ෂ නායක ලෙස කටයුතු කිරීමයි.

94 views

20 Comments to “සජිත් රනිල්ට අන්තිම ප‍්‍රහාරය එල්ල කරයි.. එන මැතිවරණයේ අගමැති අපේක්‍ෂ වන්නේ එජාප නායකත්වය දුන්නොත් පමණයි.. ප‍්‍රසිද්ධියේ කියයි..”

  1. හයියෝ මාසයක් කනක් ඇහිල හිටියා දැන් ආයිත් පටන් අරන් ..මුගේ නය ගෙවලා දාන්න කවුරුත් නැද්ද .ඒකත් ජනතාවටද ගෙවන්න වෙන්නෙ ..25% මේපාර ජන්දය බුද්ධිමත්ව පාවිච්චි කරනවා නියතයි …

  2. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    මොන සිංහනාද දැම්මත් මේ දෙන්නම පරාජය වූ අපේක්ෂකයින්. වැලේ වැල් නැතුව ඉන්න කැපුවත් කොළ එජාප පාක්ෂිකයින්ට සජිත් පොරක් වගේ පෙනුනාට, රටේ අතිමහත් බුද්ධිමත් ජනතාවට මහා නායකයෙක් නොවෙයි. සජිත්ට කවදාවත් ජනතා රැල්ලක් හදාගන්න පුලුවන් කෙනෙක් නොවෙයි. අජිත් පී. පෙරේරාට විතරක් පොරක්.

  3. පරණගේ says:

    කරුණාකර UNP එකට පවු නොදී වෙනත් පක්ෂයක් හදාගෙන යන්න. ඔයා ප්‍රාථමික පාසලේ කොට කලිසම් පොද්ද ඇඳගෙන ඉස්කෝලේ යන කාලෙත් (1977) රනිල් මේ රටේ ඇමති කෙනෙක් බව දැනගන්න.

  4. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    පුතාණෝ දැනගත යුතු තවත් දෙයක් තමයි ඉදිරියට මේ රටේ දේශපාලනය කරනවා නම්, තම පියාණෝගේ නමක්වත් කියන්න නරකයි. මොක ද ජවිපෙ කොච්චර සමාජවාදී ජනතාවාදී යැයි කියාගන්නා මත ඉදිරිපත් කළ ද ඔවුන්ගේ ඉතිහාසයේ ලේ ගෑවී ඇති නිසා ජනතාව ජවිපෙට බලයක් ලබාදෙන්න පැකිලෙනවා. ඒ වගේම තමයි ප්‍රේමාදාස කියන නම ඇසූ සැනින් ජනතාවගේ ඇඟේ මයිල් කෙලින් වෙනවා.