සජිත්-රවි බලු පොරය මැද රනිල් දැල එලාගනි.. ජනාධිපති අපේක්‍ෂක රනිල්මයි..

April 21, 2019 at 6:23 am | lanka C news
සජිත්-රවි බලු පොරය මැද රනිල් දැල එලාගනි.. ජනාධිපති අපේක්‍ෂක රනිල්මයි..

මීළඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වීමට නියමිත බව එජාප හිතවාදී වෙබ් අඩවි ගණනාවක් වාර්තා කර ඇත.

එමගින් පෙන්වා දී ඇත්තේ එම පෙරමුණේ නායකයන් රැසක් විසින් ඒකමතික එකඟතාවක් මේ සඳහා පළ කර ඇති බවයි.

රනිල් වික්‍රමසිංහ මහතාට හැර වෙනත් අයෙකුට පක්ෂයේ මෙන්ම බාහිර බලවේග එක් කරගනිමින් ආණ්ඩුවක් පිහිටු වීමේ හැකියාවක් නැති බව එම පිරිසගේ මතය වී ඇතැයිද වාර්තාවේ දැක්වේ.

මේ අතර මේ දිනවල එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස හා එක්සත් ජාතික පක්ෂ උප නායක ඇමති රවී කරුණානායක අතර ඇතිව තිබෙන ගැටම්කාරී තත්ත්වය ද ජනාධිපතිවරණ අපේක්ෂක වඩාත් සුදුසු රනිල් වික්‍රමසිංහ මහතා බව පක්ෂය තුළ තව තවත් තහවුරු කරමින් ඇති බවටද තොරතුරු වාර්තා වේ.

52 views
Main News