සජිත් ලැබුවේ සාමාන්‍ය පරාජයක් නොව අන්ත පරාජයක්.. කරූ ජයසූරිය එජාප නායකත්වයට යෝජනා වුනා.. හැකි නම් වෙන පක්‍ෂයක් හදනු..- නවීන් උඩ පැන පැන සජිත්ට ටොකු අනී..

December 4, 2019 at 10:32 pm | lanka C news
සජිත් ලැබුවේ සාමාන්‍ය පරාජයක් නොව අන්ත පරාජයක්..  කරූ ජයසූරිය එජාප නායකත්වයට යෝජනා වුනා.. හැකි නම් වෙන පක්‍ෂයක් හදනු..- නවීන් උඩ පැන පැන සජිත්ට ටොකු අනී..

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ලැබූයේ සාමාන්‍ය පරාජයක් නොව අන්ත පරාජයක් බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසයි.

මෙම පරාජයට ප්‍රධානම හේතු වූයේ තම පක්ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනම බිඳ වැටීම බවද ඔහු සඳහන් කළේය.

ඒ ආකාරයෙන් සිංහල බෞද්ධ ඡන්ද පදනම පිරිහීමට මංගල සමරවීර සහ රංජන් රාමනායක මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශයන් බලපෑ බවද ඔහු පැවසුවේය.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ සිරිකොත එජාප මූලස්ථානයේ මාධ්‍ය අමතමිනි.

තනතුරු ලබා දුන්නේ නැත්නම් වෙනත් පක්ෂයක් හදන්නේ යැයි එල්ල කරන තර්ජන වලට බිය නොවන බවත් එජාපය බිද නව පක්ෂයක් සෑදීමට කිසිවකුට නොහැකි බව ඉතිහාසයෙන් ඉගෙන ගත හැකි බවත් ඔහු සඳහන් කළේය.

විපක්ෂ නායකධූරය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා වී ඇති බවත් කී ඔහු පක්ෂ නායකත්වය සදහා රනිල් වික‍්‍රමසිංහ, කරු ජයසූරිය හා සජිත් පේ‍්‍රමදාස මහත්වරුන් යෝජනා වී ඇතැයිද පැවසීය.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

172 views

26 Comments to “සජිත් ලැබුවේ සාමාන්‍ය පරාජයක් නොව අන්ත පරාජයක්.. කරූ ජයසූරිය එජාප නායකත්වයට යෝජනා වුනා.. හැකි නම් වෙන පක්‍ෂයක් හදනු..- නවීන් උඩ පැන පැන සජිත්ට ටොකු අනී..”

  1. Manoj says:

    UNP යනු ලංකාවෙන් අතුගා දැමිය යුතු පක්ෂ යකි.එක අපේ රටේ අනාගතයට කරන මහත් වු ආනිසන්සයකි…

  2. Modapala says:

    කරු හමදාම බැලුවේ රනිල් තල්ලු කරල එන්න. බැරි තැන බෑනාට ඒ තැන හදල දෙන්න හදනවා. නවීන් හැමදම ඕකට හොරගල් ඇහුළුවා. මහින්දගෙ ආංඩුවේ ඇමතිකම් කරද්දී නම් නවීන්ව හැඳින්වූයේ පතෝල කියලා.ඔක්කොම කෛරාටිකයෝ.

  3. David Milli-banda says:

    With Karu being appointed the Leader of the UNP, the caste struggle is over.
    The UNP was determined to keep the Low Caste Sajith out of the leadership and instead appointed Karu.
    Sajith & UNP loosing at the forth coming General Elections is a foregone conclusion at the General Elections.
    With the defeat Sajith will get sidelined and Karu will resign and then comes the magic will handover the Leadership to a Kandyan Govigama Buddhist Navin Dissanayake.
    Navin is a person who has never earned his living other that sitting on the laurels of Father Gamini and living off the people.
    being a Trinitian who comes forward to assist him? Another Trinitian and enter Sanga into the equation to promote Navin.

  4. sihala yaka says:

    සජිත් වෙනම පක්‍ෂයක් හැදුවත් විනාසෙම තමයි. ඔහු වටා ඉන්නේ මොලේ නැති පිස්සු හුටංලා පිරිසක් නිසා.
    ඒ වගෙම රනිල් වටේ ඉන්නේ කපටි හොර හැත්තක්.
    සිරිසේන ළඟත් ඉන්නෙ එයා වගේම පරඬැල්.
    දැන් UNP හා SLFP යනු මේ රටේ කඩා වැටුන​ පරණ අම්බලම්.

Main News