සජිත් වැනි උගතෙක් එජාප අපේක්ෂක වීම නිසා පොහොට්ටුව ජනාධිපතිවරණ සටන අතහැරලා..
September 28, 2019 at 3:00 pm | lanka C news
සජිත් ප්‍රේමදාස මහතා වැනි උගතෙක්, දිනකට පැය 20ක් ජනතා සේවයේ යෙදෙන්නෙක් එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමෙන් පොහොහොට්ටුව තම ජනාධිපතිවරණ සටන අතහැර ඇති බව ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ප්‍රශ්නයක් ඇත්නම් ඔහු සමග විවාද කර දෙදෙනාගේම දැනුම රටට ප්‍රදර්ශනය කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට පවසන බවද ඔහු පැවසීය.
ඊයේ දිනයේ උදය ගම්මන්පිල මවතා විසින් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පල කලේය.