සජිත් සමග එක් වූ සියළු දෙනාගේ එජාප සාමාජිකත්වය අහෝසි කෙරේ..

May 28, 2020 at 8:02 am | lanka C news
සජිත් සමග එක් වූ සියළු දෙනාගේ එජාප සාමාජිකත්වය අහෝසි කෙරේ..

සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජන බලවේගය පක්‍ෂයේ සාමාජිකත්වය ගත් වූ සියළු එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර තිබේ.

එම පක්ෂයෙන් තරග වැදීමට නාමයෝජනා අත්සන් කළ සියලුම දෙනාගෙන් සහ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය විසින් මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කළේය.

130 views
Main News