සජිත් සමග කතා කලා පමණයි.. ඔහුට සහාය දෙන්න එකග වූයේ නෑ..- TNA

September 30, 2019 at 3:00 pm | lanka C news
සජිත් සමග කතා කලා පමණයි.. ඔහුට සහාය දෙන්න එකග වූයේ නෑ..- TNA

මෙවර පැවත්වෙන ජනාධිපතිවරනයේදී සහය ලබා දෙන අපෙක්ෂකයා කව්රුන්දැයි යන්න පක්ෂය නිල වශයෙන් මේ වන තුරුත් අවසන් තීරණයක් ගෙන නොමැති බවට දෙමළ ජාතක සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසුවේය.

මන්ත්‍රී වරයා මේ බව පැවසුවේ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ ජනහමුවක් මුලතිව්හි කුමලමුනෙහි පැවත්වීමන් පසුව පැවත් මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

මෙම අවස්ථාවට ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා සහ එම පක්ෂයේ මන්ත්‍රීනි ශාන්ති ස්‍රී ස්කන්දරාසා ඇතුලු පිරිසක්ද සහභාගී විය.

එහිදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යෙව්දියෙකු විසින් අසා සිටියේ,

‘පසුගිය කාලයේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී වරු විසින් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වී සිටින අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබා දෙන බවට සෘජුවම හා වක්‍රව ප්‍රකාශ කරල තිබුණා ඒ වගේම බලය බෙදීමේ ක්‍රියාවලිය ඒකීය රාජ්‍යක් තුල සිදුකිරීමට හැකියි කියලා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරල තියනවා කියලා දැන ගන්න ලැබෙනවා එවැනි වාතාවරනයකදී දෙමළ ජාතික සන්ධානය මොනවගේ ස්ථාවරයකද ඉන්නේ,

එහිදී පිළිතුරු දුන් මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා කියා සිටියේ,

‘අපේ අවසන් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කලා ඒ වගේම තමයි උතුරට අපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩසටහන් වලදී එතුමන්ට ස්තූතිය පල කරලා සහය ලබා දීම සාමාන්‍ය දෙයක් වෙනත් සහනයක් ලබාදෙන්න තවත් ඇමතිවරු හෝ කව්රුන් හරි ආවත් ඔවුන්ටත් අපි ස්තූතිය පල කරලා කතාකරනව නමුත් එවැනි අවස්ථාවකදී විවිධ අයට විවිධ මත පලකරන්න අවස්ථාව තියනවා නමුත් ජනාධිපතිවරණයේදී  අපේ පක්ෂය විසින් කාටද සහය ලබා දෙන්නේ කියල නිල අවසන් තීරණයක් මේ වන තුරුත් අරන් නැහැ කාටද සහය පලකල යත්තේ කියලවත් අවසන් තීරණයක් අරන් නැහැ අපි සියලු අපේක්ෂකයින් සමග ඔවුන් කැමතිනම් සාකච්ඡා කරමු කියලයි අපි තීරණයක් අරන් තියෙන්නේ එවැනි සාකච්ඡා කිහිපයක් මේ වන විටත් පැවත්වෙමින් තියනවා ඒ සාකච්ඡා සියල්ල අවසන් වූ පසු ඔවුන් ගන්නා තීරණයට අනුව අපි තීරණයක් ගන්නවා  කව්ද සුදුස්සා කියලා.. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

21 views

6 Comments to “සජිත් සමග කතා කලා පමණයි.. ඔහුට සහාය දෙන්න එකග වූයේ නෑ..- TNA”

  1. හම්බ පන්නී says:

    “ඇත්තටම රටට ආදරයක් නැති මේ සිංහළයට මේ කුලල් කා ගැනීම නවත්වන්න හොඳම දෙය තමයි ඉන්ඳුනීසියාවට වෙච්ච දෙයම වෙන්න ඕනි…!
    ඒ කියන්නේ “බෝරා ” රාජ්‍යයක් වීමය..!
    බැරිද ඕගල්ලන්ටවත් රටේ බලය අරගෙන කරල පෙන්නන්ට…

  2. ajith says:

    This time they cannot support UNP as earlier , because Wigneshwaran is also contesting for the election.

  3. රටට වින කරන මොඩ රැල says:

    පලයං බං යන්න තො කෙකර බාන්නෙ කාට බයේද ගිහින් ෆොන්සේකා මහත්මයා.ගේන් අහපං තොපිට සියලුම බලතල දෙන්න පොරොන්දු වෙලා ඉන්න බව එතුමා පරසිද්දියේම කියනවා තවත් එනවා අඅපිව අන්දන්න බලං හිටපං හිවල්ලු තොපිට ජනතාව දෙනවද නැද්ද කියලා එ් අය තිරනය කරයි මස් වැද්දා

  4. යාපනේ අපි says:

    TNT එකට තියෙන ප්‍රශ්නේ දැන් යාපනේ මිනිස්සු මුන් කියන දී අහන්නේ නැ. ඉතිං මුන් සජිත් ට දෙන්න කියලා දුන්නේ නැත්තං මුන් චාටර් වෙනවා, ඉතිං මුන් බලා ඉන්නවා ජනතාව කාට දෙයි වගේ ද කියලා. වැඩිම ජනතා කැමැත්ත තියන පැත්ත බලලා එකට් දීපන් කියයි. කොහොමත් යාපනේ ජනතාව සජිත් සමඟයි.

  5. RAYMOND says:

    උතුරු නැගෙනහිර ජනතාව විදින දුක නිමා කරන්න ගම දියුණු කර ගන්න ගෝඨාභය රාජපක්ෂ මහතා ට දෙන්න .හැබැයි ස්වයංපාලන ය නම් හිතන්න එපා

  6. UNP GAL IBBA says:

    I do kiss the left but not right because of I wanted Tamil home land in sri lanka because we are relay beggars in thamilnadu so I am going to use may political power that you may know I am a crooked politician>?????