සජිත් සියළු රූපවාහිනී සජීව සංවාදවලට බෑ කියයි.. හිරු සලකුණට එවූ මද්දුම බණ්ඩාර ගොළු වෙයි.. [Video]

July 7, 2020 at 9:22 am | lanka C news
සජිත් සියළු රූපවාහිනී සජීව සංවාදවලට බෑ කියයි.. හිරු සලකුණට එවූ මද්දුම බණ්ඩාර ගොළු වෙයි.. [Video]

සමගි ජන බලවේගයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා කිසිදු රූපවාහිනී සජීවි සංවාදයකට විවාදයකට සහභාගි නොවන්නේ ඔහුට යොදාගත් කටයුතු බොහෝ ඇති නිසා බව එම පක්ෂයේ මහලේකම් හිටපු ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.

හිරු රූපවාහිනියේ ඊයේ පැවති සලකුන වැඩ සටහනේ දී ඔහු මේ බව සඳහන් කළේය.

හිරු මාධ්‍යවේදීන් විසින් එහිදී ප්‍රශ්න කර සිටියේ තම නාලිකාව ඉදිරි සලකුණ වැඩසටහන් දේශපාලන පක්‍ෂ නායකයන් සදහා විශේෂයෙන්ම ආරාධනා කිරීමට තීරණය කර ඇතත් සජිත් පේ‍්‍රමදාස මහතා සම්බන්ධ කර ගැනීමට කිසිම අවස්ථාවක් නොලද බවයි.

මෙතෙක් තම මාධ්‍ය ජීවිතයේ කිසිදු අවස්ථාවක සජිත් පේ‍්‍රමදාස මහතා සමග සජීවී සංවාදයකට සහාභාගී වී නැති බවත් එසේ සහභාගී වනු දැක නැති බවත් ඔවුන් තිදෙනාම කියා සිටියහ.

රංජිත් මද්දුමබණ්ඩාර මහතා එහිදි යම් අපහසුතාවයකින් මෙන් එම විමසීමේදී උත්තර දෙමින් සඳහන් කළේ විවිධ දේශපාලඥයන් තමන්ගේ දේශපාලන ගමන්මග විවිධ ක්‍රමවේද ඔස්සේ විසින් සිදුකරන බවයි.

සජිත් ප්‍රේමදාස මහතා ද දේශපාලනය කරන්නේ ඔහුට අනන්‍ය ක්‍රමවේදයකට බවත් ඉදිරි කාලයේදී ඔහු සජීවී සංවාදයකට එක්වනු ඇති බවත්ය.

සජීවී සංවාද වලට සජිත් නොඑන්නේ ඇයි ? මෙන්න ඇත්ත කතාව

සජීවී සංවාද වලට සජිත් නොඑන්නේ ඇයි ? මෙන්න ඇත්ත කතාව සම්පූර්ණ වැඩසටහන මෙතැනින් නරඹන්න >>>>>https://www.youtube.com/watch?v=CNYooGpaopc

Gepostet von Hiru TV Salakuna – හිරු ටීවී සලකුණ am Montag, 6. Juli 2020

4,982 views
Main News