සජිත් සිරිකොතෙන් පන්නා දමයි.. පාරට වැටුනු සජිත් පිල සිරිකොත වටලයි.. ආරක්‍ෂක බල ඇණි සීරුවෙන්…

November 21, 2019 at 9:20 am | lanka C news
සජිත් සිරිකොතෙන් පන්නා දමයි.. පාරට වැටුනු සජිත් පිල සිරිකොත වටලයි.. ආරක්‍ෂක බල ඇණි සීරුවෙන්…

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේ සිරිකොතදී සූදානම් කර තිබූ පක්ෂ සංවිධායක හමුව එක්සත් ජාතික පක්ෂ විසින් අවලංගු කර තිබේ.

එවන් හමුවක් සිරිකොත මූලස්ථානයේ නොපැවැත්වෙන බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් මහතා මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ඒ අනුව මෙම හමුව සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාල ලෙස භාවිත කළ වෝක්ෂෝල් මූලස්ථානයේදී සිදුකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය.

ඊයේ පස්වරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායයේදී උණුසුම් වාද විවාද ඇති වූ බව වාර්තාවේ.

මේ අතර වාර්තා වන්නේ සජිත් ප්‍රේමදාස මහතාට පක්‍ෂපාතී පිරිස විසින් අද සිරිකොත මූලස්ථානය වටලනු ඇති බවයි.

යම් කලබලකාරී තත්වයක් ඇති වුවහොත් නීතිය හා සාමය ආරක්‍ෂා වන ලෙස ක‍්‍රියාමාර්ග ගැනීමට දැනටම ආරක්‍ෂක අංශ සූදානමින් සිටී.

245 views

23 Comments to “සජිත් සිරිකොතෙන් පන්නා දමයි.. පාරට වැටුනු සජිත් පිල සිරිකොත වටලයි.. ආරක්‍ෂක බල ඇණි සීරුවෙන්…”

  1. හැන්සාඩ කතු says:

    විපක්ෂ නායක විය යුත්තේ රනිල් හරි හෝ වැරදි වුනත් ජාතික ප්රශන ගැන කතා කරන්න හැකියාව ඔහුට අැත
    සජිත් කවදද පාර්ලිමේන්තුවේ ඔෝවා කතාකරේ

  2. රජරැටියා says:

    ජාතියක් ජන්මයක් නැති බොලාට ඔහොම වෙන්න ඕන. රටත් කාලා විනාශ කරන්න හැදුවේ. වෙල් විදානේ මලයා ගැන හාංකවිසියක් නැතුවා ?

  3. Dilshan says:

    Ranil doesn’t hide his intentions whereas Sajith is a very cunning man who doesn’t show his real intentions he is a dubious character just like his father who fooled the poor and did everything for rich while feeding “Mas katu” to masses.
    Ranil is s straight forward man he doesn’t hide his intention of deciding this country.

  4. ajith says:

    මේ දිනවල විවිද මාධ්‍ය තුලින් ගෝටාට චන්දෙ දුන්න බව හඟවමින් ආණ්ඩුව අසාදාරන විවේචනයන්ට ලක් කිරීමට සැරසෙන පිරිසක් ඇත. ඔවුන් නිසැකවම හංසයන් බව හඳුනාගෙන ප්‍රතිචාර දක්වන්න. හංසයන්ට කඩේ ගිය ගොසිප් වෙබ් අඩවි නැරබීමෙන් වැලකි ඔවුන්ගේ රේටින් බස්සමු. 2014 අංක 1 ට හිටිය ITN 2015 දී අංක 8 බැස්සුවා විදිය ආදර්ශයට ගමු

  5. Yakooo bolata thwa uney nha,

  6. exUNPer says:

    හිරුනිකා රට වටේ ගිහින් කිව්වා : “රාජපක්‍ෂලා වලව් කාරයො නෙවි. හරක් බලපු උන්. ඒවගේ අයට රටක් පාලනෙ කරන්න දෙනවද ? ඒ නිසා සජිත් ප්‍රේමදාස ට දෙන්න ” කියා. !
    ගල්කිස්සේ රැස්වීමෙ ඕක කිව්වම අහක හිටපු මිනිසුන් කුලප්පු වෙලා “සජිත් හාමු මහත්තය …. …….. ” කියල කුණු හරුපෙන් බැන බැන ගියා

  7. Aurora says:

    සජිත්ගේ පාර්ශවයේ මොළේ තියන එකෙක්වත් නැහැ, අලුතින් පක්‍ෂයක් හදල ජනතාප්‍රසාදය ලබාගන්න පුළුවන්. පොහොට්ටුව හැදුව බැසිල් තම බුද්ධිය සහ සංවිධාන ශක්තිය පාවිච්චිකරලා ඉතා කෙටිකලක් තුල ඉලක්කයට ගියා. නමුත් සජිත්ට පක්‍ෂයක් හදන්නත් බැහැ, සංවිධානය කරන්න තරම් දක්‍ෂ මිනිස්සුත් නැහැ, රනිල්ගේ UNP එකත් සමග සටනක් දෙන්නත් බැහැ. ඉතුරුවෙලා තියෙන්නේ රනිල්ගේ දෙපතුළ ළඟ දණගහල සමාව අරන් නිකම්ම නිකම් මන්ත්‍රීකමක් අරගන්න උත්සාහ කරන එක විතරයි. ජනාධිපතිවරණ වේදිකාවේ කරපු අහංකාර කථා වමාරන්න වෙනවා.

  8. නිළමේ says:

    2015 මහින්දට කරපු අපරාදෙටමයි තොපි හැත්තටම ඒ ශාපය වැදුණෙ.

Main News