‘සජිත් සුලග’ ඇරඹෙයි.. සජිත් නැවත දේශපාලනයට කැන්දන වැඩපිලිවෙලක් අරඹයි.. ‘මහින්ද සුළග’ එලිපිට කොපි කරයි..

November 19, 2019 at 3:50 pm | lanka C news
‘සජිත් සුලග’ ඇරඹෙයි.. සජිත් නැවත දේශපාලනයට කැන්දන වැඩපිලිවෙලක් අරඹයි.. ‘මහින්ද සුළග’ එලිපිට කොපි කරයි..

ජනාධිපතිවරණයෙන් පරාජය වී දේශපාලනයෙන් සමුගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සජිත් ප්‍රේමදාස මහතා නැවතත් දේශපාලනයට ගෙන ඒම සඳහා එම මහතාට හිතවාදී පාර්ශවය විසින් වැඩසටහනක් සකස් කරමින් පවතී.

2015දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමෙන් පසු ඔහුව නැවත දේශපාලනයට ගෙන ඒම සදහා එවක විපක්‍ෂ විසින් සිදු කරන ලද ‘මහින්ද සුලග’ ආහාරයෙන් ජන රැල්ලක් ඇති කිරීමට ඔවුන් මූලිකව සූදානම් වෙයි.

සජිත් පේ‍්‍රමදාස මහතා බැලීමට පෝලිමට හම්බන්තොටට ජනතාව යැවීම, ‘සජිත් එනවා’ ආකාරයේ නමකින් තැන තැන ජන රැුලි පැවැත්වීම ආදී විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ ජනතා ප්‍රසාදය සජිත් ප්‍රේමදාස මහතා වටා එක්රැස් කරගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙයි.

එක්සත් ජාතික පක්ෂය තුළ බලය ඇල්ලීමට හැකි වුවහොත් එය සිදුකිරීමට ද නොඑසේනම් වෙනත් දේශපාලන දහරාවක් නිර්මාණය කර එක්සත් ජාතික පක්ෂයෙන් ජනතාව ඒ මත එක්කර ගැනීමටද ඔවුන් අදහස් කර සිටී.

251 views

35 Comments to “‘සජිත් සුලග’ ඇරඹෙයි.. සජිත් නැවත දේශපාලනයට කැන්දන වැඩපිලිවෙලක් අරඹයි.. ‘මහින්ද සුළග’ එලිපිට කොපි කරයි..”

  1. සජිත් මාමා ට හුළං බො කයිද? says:

    සජිත් මාමා ට හුළං බො කයිද? ගෙම්බෝ බලන් ඉබ්බවා පෑඩ් ..පෑඩ් .. පෑඩ් ..කියා කියා…පෝලිමේ…

Main News