සජිත් හරීන්ට දැඩිව බැණ වදී… ජාතික ලයිස්තු මන්ත‍්‍රීකම නොදෙන බවත් කියයි..

July 4, 2020 at 9:20 am | lanka C news
සජිත් හරීන්ට දැඩිව බැණ වදී… ජාතික ලයිස්තු මන්ත‍්‍රීකම නොදෙන බවත් කියයි..

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හරින් ප්‍රනාන්දු මහතා අගරදගුරු හිමියන් විවේචනය කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දැඩිව බැණ වැදී තිබේ.

ජාතික ලැයිස්තුවෙන් නම් කර ඇත්තේ මැතිවරණය ගොඩදැමීමට මිස ඡන්ද කැඩීමට නොවන බවද සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර ඇත.

වහාම අගරදගුරු හිමියන්ගෙන් වැඳ සමාව ඉල්ලා සිටින ලෙස සජිත් ප්‍රේමදාස මහතා දන්වා ඇති අතර හරින් ප්‍රනාන්දු මහතා එහිදී පවසා ඇත්තේ තමන් පැවසුවේ නිවැරදි දෙයක් නිසා සමාව ගන්නේ කුමන හේතුවක් නිසා යනුවෙනි.

එවිට සජිත් ප්‍රේමදාස මහතාට තදින් පවසා ඇත්තේ අගරදගුරුතුමන් ගෙන් සමාව නොගන්නේනම් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා නොදෙන බවත් ඒ බව රටක ප්‍රකාශ කරන බවත් ය.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සමග හරියන් ප‍්‍රනාන්දු මහතා ගොස් අගරදගුරු තුමන් මුන ගැසිනි.

නමුත් එහිදී සමාව ගැනීමක් කල බවක් ප‍්‍රකාශ නොවීය.

277 views
Main News