සජිත්-හරීන් දෙදරයි.. හරීන් වේදිකාවෙන් පසුබායි..

November 5, 2019 at 9:20 am | lanka C news
සජිත්-හරීන් දෙදරයි.. හරීන් වේදිකාවෙන් පසුබායි..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ ඉදිරියෙන්ම සිටි කථිකයෙකු ලෙස සැලකෙන ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතුවලින් දැඩි ලෙස පසු බා නිශ්ක්‍රීය වී සිටින බව එක්සත් ජාතික පක්ෂයට හිතවාදී අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර ඇත.

මීට හේතුව වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය තමන්ට ලබාදෙන්නැයි හරීන් ප්‍රනාන්දු මහතා විසින් කළ ඉල්ලීමක් ‍පේ‍්‍රමදාස මහතා විසින් ප්‍රතික්ෂේප කිරීම බවද එම වාර්තාවේ සඳහන් වෙයි.

ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන්නට වැඩිපුරම ක්‍රියාකාරී වූයේ තමන් බවත් එනිසා නියෝජ්‍ය නායකත්වය හිමි යුත්තේ තමන්ට බවද හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලා ඇතැයිද සදහන්ය.

නමුත් සජිත් ප්‍රේමදාස මහතා දන්වා ඇත්තේ එවැන්නක් මේ අවස්ථාවේදී කළ නොහැකි බවත් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ඊට ලබා ගැනීමට නොහැකි වනු ඇති බවත්ය.

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය අවසන් වන තෙක් ඉවසා සිටින්නැයි සජිත් ප්‍රේමදාස මහතා කරන ලද ඉල්ලීම නිසා හරීන් ප්‍රනාන්දු මහතා කලකිරීමෙන් යුතුව ජනාධිපතිවරණ කටයුතුවලින් මදක් දුරස් වී සිටින බවද එම වාර්තාව කියා සිටී.

මේ අතර තවදුරටත් එම වාර්තාවේ සඳහන් වන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ වේදිකාවෙන් මංගල සමරවීර, මලික් සමරවික්‍රම, කබීර් හෂීම් යන ප්‍රභවයෙන් තිදෙනාම ඈත් කර ඇති බවය.

287 views

15 Comments to “සජිත්-හරීන් දෙදරයි.. හරීන් වේදිකාවෙන් පසුබායි..”

  1. මාලිනි හේවාමල්ලිකා says:

    ජලනි කියලා කෙනෙක් වෙන්න බැරිද ප්‍රශ්නෙට ඇත්ත හේතුව?

    • Rata Wenuwen says:

      හරියට හරි, රදවා සනීප ආරක්ශක තුවා දාලා ඉබ්බෙකුත්. දාලලු ,හරිනට සෙල්ලම බැරිවෙන්න

      • රාගයෙන් ලංවුනා says:

        මාලිනි හේවා මල්ලිකා ජලනිටද එකතුව
        ආරක්‍ෂක තුවා දාල රහසේ ගේම හනිකව
        මාරුවෙන් මාරුවට හරින්ගෙ සතුට උඩුදුව
        දෙන්නම රාගයෙන් ලංවුනා හරින්ට උමතුව

  2. Kamalll says:

    ජලනි තමයි ඇත්ත හේතුව.

  3. ABC says:

    මේවා පුද්ගලික දේවල් හින්දා කෙලින් කියන්න බෑ. සජිත් මිනිහෙක්ට දෙන්න පුලුවන් ලොකුම දේත් හරීන්ට දීලා තියෙද්දී තව නියෝජ්ය නායකකමත් ඉල්ලන එක හරි නෑ.

  4. varanasi says:

    Meeyak kadanne atha lewakannada kiyala ahuwalu!

  5. Aurora says:

    හරින් වෙනුවට වේදිකාවට නැගල කුණු කථා සහ බොරු චෝදනා කියන්නේ ගොන්ජන්. මේක මෝඩ කමට කරණ දෙයක් නොවේ කපටිකමට කරණ දෙයක්. ගොන්ජා නියත වශයෙන්ම බන්ධනාගාර ගතවෙනවා විනිසුරුවෝ සහ නීතිවේදීන් 95% දුෂිතයි කීමෙන් අධිකරණයට සිදුකළ අපහාසයට. දැන් ඒ දඬුවම නතරකරගෙන හිටියට 16 පස්සේ නතරකරන්න යෙදූ බලය ඉවත්වූ වහාම ශ්‍රේෂ්ඨාධිකරණය මුව අවරුදු 2 කට විතර හිරේ යවාවි. අන්න එතකොට කියන්න හේතුව හදන්න තමයි මේ කුණු කථා ගොතන්නේ. පැරණි චෝදනාවට හිරේට නියම වුනාට පසු ඒකත් ගෝඨාභය මැතිතුමා පිට දමන්න ජනාධිපතිවරණයේදී තදින් ගැහුවනිසා හිරේ ඇරිය කියල.

    • yomal says:

      ගොන්ජා සම්පුර්ණයෙන් වැරදියි විනිසුරුවෝ සහ නීතිවේදීන් 95% දුෂිතයි කියලා කිව්වට. ඇත්තටම විනිසුරුවෝ 96% කුත් සහ නීතිවේදීන් 99% ක් ම වගේ දුෂිතයි

  6. ලෙබ්බේ says:

    හැරියෝ ඉහගන්න දීල තියන ලිද ඉහගෙන ශේප් එකේ වැඩක් බල ගෙන හිටපන් බන්,

  7. lanka says:

    2015 wage kada haliyak atith ratata epaaa.

  8. Anoosh says:

    Come on guys! There are mango friends. They will react in that manner. After 16th both cannot be separated.

  9. සදාලෝකපූජිත says:

    හරිනං මහඑකයි දෙවෙනියයි දෙන්නම ” රදව් ” වෙන්න ඕන.

  10. sathya says:

    සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ වේදිකාවෙන් මංගල සමරවීර, මලික් සමරවික්‍රම, කබීර් හෂීම් යන ප්‍රභවයෙන් තිදෙනාම ඈත් කර ඇති බව – Good initiative………………… Dont take Ranil and Ravi also

Main News